IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බන්ධනාගාරයට ගෙනා මාංචු යතුර ගැන තොරතුරු එළියට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ නව මැගසින් බන්ධනාගාරයට මාංචු කුට්ටමක යතුරක් රැගෙනවිත් ඇත්තේ මිදිගම රුවන් නමැත්තෙකු බේරා ගැනීමට බවට මූලික පරික්ෂණයකින් අනාවරණය වී ඇතැයි දැනට ඒ සම්බන්ධයෙන් පරික්ෂණය සිදු කරන පොලිසිය පවසයි.

ප්‍රබල පාතාල කල්ලි නායකයකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මිදිගම රුවන් නමැත්තා අතට එම යතුර රහසිගතව පත් කිරීමට හිටපු පොලිස් කොස්තාපල්වරයකු මුදල් පසුම්බිය තුළ සඟවාගෙන ආ බව කියන හිටපු කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත .

මිදිගම රුවන් නමැත්තා බන්ධනාගාරයේ සිට අත්විලංගු දමා නඩු විභාගයට  රැගෙන යන අතර වාරයේ මෙම යතුර උපයෝගී කරගෙන අත්විලංගු විවෘත කරගෙන පලා යෑමේ සැලැස්මක් තිබුණේ ද යන්න බලවත් සැකයක් මතුවී ඇතැයි බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මෙම යතුර සඟවාගෙන ආ හිටපු කොස්තාපල්වරයා වැඩිදුර පරීක්ෂණ සඳහා  බොරැල්ල පොලිසියට භාර දුන් බව බන්ධනාගාරයේ එම උසස් නිලධාරියා කීය.

 



අදහස් (0)

බන්ධනාගාරයට ගෙනා මාංචු යතුර ගැන තොරතුරු එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site