IMG-LOGO

බෑන්කි මූන් අවසන් කථාවෙන් ලංකාවත් පසසයි

ශ්‍රී ලංකාව පශ්චාත් යුද ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය  සඳහා වැදගත් පියවර රැසක් ලබාගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන්  ප්‍රකාශ කරයි.

අඟහරුවාදා (20) ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 71 වැනි සැසිවාරය අමතමින් එසේ කී මහ ලේකම්වරයා දස වසරක සේවා කාලයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන අවසන් අවස්ථාව එයයි. ඔහු ලබන දෙසැම්බර් 31 වැනිදා සිය ධූරයෙන් සමුගැනීමට නියමිත අතර දකුණු කොරියාවේ හිටපු විදේශ ඇමතිවරයකු වූ බැන් කී මූන් ලබන ජනවාරි මාසයේ නැවත සියරට බලා ගිය පසු එරට ජනාධිපති ධූරය සදහා තරග කිරීමට නියමිතය.

මියන්මාරයේ සහ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ප්‍රසාදය පළ කළ මූන් මියන්මාරය, ශ්‍රී ලංකාව, කොලොම්බියාව හා සයිප්‍රසය යන රටවල අනාගතය වඩාත් ධනාත්මක බව ද කියා සිටියේය.

 



අදහස් (0)

බෑන්කි මූන් අවසන් කථාවෙන් ලංකාවත් පසසයි

සජී Wednesday, 21 September 2016 07:18 AM

තවත් ඉඩම් ටිකක් නිදහස් කරලා, හමුදා කඳවුරු ටිකකුත් අයින් කළා නම් මීටත්වඩා පසසයි (නි)

:       0       0

සිරි Wednesday, 21 September 2016 07:27 AM

ඔව් ඉතින්, පසසන්න ඕනෑ නේන්නම් (නි)

:       0       0

අතුල Wednesday, 21 September 2016 08:07 AM

ඒ කාලෙ නම් පසසනවා තියා හැරිලාවත් බැලුවේ නැහැනේ. රටේ මිනිස්සු අන්දන්න පුළුවන් වුණාට ලෝකෙම අන්දන්න බැහැනේ. (නි)

:       0       0

අතුරා Wednesday, 21 September 2016 08:03 AM

මේකේ අදහස් දාපු සමහර අන්ධයන්ගෙන් අහන්න තියෙන්නේ මේකේ තියන රටවල් ඔක්කොම හමුදා කදවුරු ඉවත්කළ රටවල්ද කියලා විතරයි. (නි)

:       0       0

ගයාන් Wednesday, 21 September 2016 08:04 AM

මූන් යනු ඇමරිකන් හිතවතෙකි. මූන් මෙම ප්‍රශංසාව කළේ ඇයි කියා සිතාගත හැක. (නි)

:       0       0

නන්දිමිත්‍ර Wednesday, 21 September 2016 08:32 AM

යුද්ධය ඉවර වෙන්න කලින්, බෝම්බ පුපුරන කාලේ මූන් මහත්තයා කිසිම දෙයක් කිව්වේ නැහැ. (ර)

:       0       0

සුසන්ත Wednesday, 21 September 2016 09:50 AM

සතුටු නැද්ද අනේ කියන කියන දේවල් ඒ විදියටම ඉස් මුදුනින්ම පිළිඅරගෙන කරලා දෙනකොට! එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු (විශේෂයෙන්ම ඔවුන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ මානව හිමිකම් මණ්ඩලය යනු) බටහිර රටවලට ලෝකයේ සෙසු රටවල් තමන්ගේ ඕනෑකම්වල හැටියට පාලනය කිරීමට හැකි වන යාන්ත්‍රණයක් මිස සෙසු රටවලට සාධාරණයක් ඉටුවන තැනක් නොවේ. (බ)

:       0       0

දයානි Wednesday, 21 September 2016 10:22 AM

මෙයා විතරක් නෙවෙයි කොටි හිතවාදී හැම රටම දැන් පැසසුමට ලක්කරනවා. (හේ)

:       0       0

සජී Wednesday, 21 September 2016 10:59 AM

සමහරක් ගැන ඇත්තටම කනගාටුයි. අපේ රණවිරුවෝ ලේ මස් ඇට නහර දන්දීලා බේරාගත්ත රට ආයේ ආපස්සට හරවන්නයි බටහිර රටවලට ඕනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 133 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 407 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site