IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බොදු සරසවියේ ඉදිකිරීම් බලන්න ජනපති යයි

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සමබ්නධයෙන් සමාජ වෙබි අඩවි ඔස්සේ  කර  ඇති  අපහාස උපහාස දකින විට වත්මන්  සමාජ  පරිහානිය පැහැදිලිවන බව ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා  අද (10) කැළණිය බොල්ලෑගල මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර  බෞද්ධ විශ්ව විද්‍යාලයයේ ඉදිකිරිම්  පිළිබඳ නිරික්ෂණ චාරිකාවක දී  පැවසිය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාද එම අවස්ථාවට එක්විය.

අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති  ජේ.ආර්.ජයවර්ධන මහතා  සහ එම ආර්යාව විසින්  සසුනට  පුජා කළ අක්කර  62 න්  අක්කර  20 ක් බෞද්ධ විශ්ව විද්‍යාලය ඉදි කැරගෙන යයි. එහි උපකුලපති ලෙස කටයුතු කිරීමට නියමිත  මහාචාර්ය සුමනපාල ගල්මංකඩ මහතාද එහි ගියේය.

දැනට  තෙමහල් හා සිව්  මහල්  ගොඩනැගිලි 11 ක්  ඉදිකරමින්  පවති. මෙම ගොඩනැගිලි සංකීර්ණයේ වටිනාකම රුපියල්  කෝටි  එක් දහසකි. චීනයේ  චින් තාං නායක හිමියන්ගේ  දායක දායිකාවෝ මේ සඳහා අනුග්‍රහය දක්වති.

විශ්ව විද්‍යාලයේ  අධ්‍යක්ෂ තායිවානයේ  ප්‍රධාන සංඝනායක ආචාර්ය බෝදාගම චන්දිම හිමියන්ගේ  ප්‍රධානත්වයෙන්  පැවති  සාකච්ජාවක දි  රජයෙන්  දිය හැකි  සෑම සහයෝගයක්ම ලබාදිමට  ජනාධිපතිවරයා කැමැත්ත පළ කළේය. 

 _DSC0136 _DSC0191 _DSC0265 _DSC0317

_DSC0090

  

ඡායාරූප හා විඩියෝ ජයමාල් චන්ද්‍රසිරි

ruwan_201511100332 ruwan_201511100332-2 ruwan_2015111003323

ජායාරූප - ඩික්සන් වසන්ත



අදහස් (0)

බොදු සරසවියේ ඉදිකිරීම් බලන්න ජනපති යයි

අසිත නෙලුම් Wednesday, 25 November 2015 03:28 PM

මෙම ව්‍යාපෘතිය ඉතාමත් හොද වැඩක් අපිට හුගක් වටිනවා බුදු සසුන වෙනුවෙන් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site