IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බදු ආදායම එකට එකක් වැඩි වෙයි

(රංජන් කස්තුරි)

මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 31661ක බදු මුදලක් රැස්කර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

ඉකුත් 2022 වසරේ පළමු කාර්තුවේදී රැස්කර ඇත්තේ රුපියල් කෝටි 14656ක බදු මුදලක් පමණකැයිද එම දෙපාර්තුමේන්තුව කියයි.

රජයේ බදු ප්‍රතිපත්තිය සහ බදු පරිපාලනේ කාර්යකෂමතාවය හේතුවෙන් එම බදු මුදල රැස්කර ගත් බවද දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව කියයි.



අදහස් (7)

බදු ආදායම එකට එකක් වැඩි වෙයි

NIMAL Monday, 24 April 2023 09:06 PM

ඡන්දෙට සල්ලි නෑ කියන්නේ බොරු නේ... මිනිස්සුන්ගේ බොටුව මිරිකලා අරන් දැන් කියනවා කාර්යක්ෂමතාවයලු...

:       8       25

සනත් බණ්ඩාර Monday, 24 April 2023 11:49 PM

මං වගෙ හරියට බදු ගෙවන්නෙ නැති අපි හැමෝම හරියට බදු ගෙව්වොත් ඔය මුදල දෙගුණ වෙනවා.

:       0       2

Kalpa Monday, 24 April 2023 09:37 PM

මිනිස්සුන්ගෙ පඩියට බදු ගහල සාප වෙනව මුන්ට.. එකද කර්යක්ශමයි කියන්නෙ..

:       0       1

de silva Monday, 24 April 2023 10:02 PM

බදු ආදායම දෙගුණයක් උනානම් චන්දේ තියන්නකො ...

:       0       2

Kamal Tuesday, 25 April 2023 06:05 AM

මගෙන් ගිය අවුරුද්දේ ගත්ත මාසික බදු සාමාන්‍ය අගය වගේ 10 ගුණයක් මේ අවුරුද්දේ ගන්නවා. හුඟාක් ඉන්නේ අලුත්ම අය.ඒගොල්ලෝනගෙ බදු ගෙවීම ගුණයක් කියන්නත් බෑ. එතකොට මුලු බදු ආදායම දෙගුණයකින් වැඩි වෙලා කියන්නේ කාර්යක්ෂමතාව වැඩි වෙලා කියන එකද එහෙම නම් ඒ කවුරු ගැනද?

:       0       4

L P Rupasena Tuesday, 25 April 2023 10:48 AM

කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි කරුණාකර අපට දන්වන්න. බදු සහ කාර්යක්ෂමතාව වැඩි වීම නිසා ආදායම් වැඩිවීම වෙන වෙනම ගණනය කරන්න.

:       0       2

[email protected] Tuesday, 25 April 2023 10:54 AM

එහෙනම් අතිකාල දීමනා බෝනස් නහුතෙට දේවී නේද? මැති ඇමති, මන්ත්‍රී ලට හිටු කියලා වාහන ගෙන ඒවි, සරත් පොන්සේකා වගේ හාදයෝ කොන්දේ අමාරු අහාදනීවී ඉස්තරම්ම වාහන ගෙන්වන්න. කාලකන්නි! සමහර මණ්ඩල ජනතාවට සපයන සේවා අලුත්වැඩියා කිරීම් මහජනයාට කෙරෙන් සැපයුම් වල අලුත් වැඩියාවන් කරන්නේ සෙනසුරාදා ඉරිදා දවස් වල. මොකද OT එක ගහගන්න. .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site