
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියට ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දී අද (19) අලුයම විශාල ගල්පර්වත කඩා වැටීමෙන් දුම්රිය එන්ජිම ගල්පර්වත අතර සිරවී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි .
දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට නානුඔය දක්වා පමණක් සීමා කළ බවත් , බදුල්ල නානුඔය අතර දුම්රිය ධාවනය ඇණහිට ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය .
එන්ජින් දෙකකින් සමන්විත රාත්‍රි තැපැල් දුම්රියේ ඉදිරිපස එන්ජිම මතට විශාල ගල්පර්වත වැටී ඇති අතර මින් දුම්රිය එන්ජිමට අලාභ හානිවී ඇති අතර කිසිවකුට හෝ අනතුරක් සිදු නැත.
ගල්පර්වත තුල සිරවු දුම්රිය එන්ජිම ගලවා තබා පසුපස එන්ජිම මගීන් සහිත දුම්රිය මැදිරි රැගෙන නිරුපද්‍රිතව අලුයම යළි බදුල්ල බලා ධාවනය කළේය.





2025 නොවැම්බර් මස 17
75
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
905
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2530
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බදුලු දුම්රියට ගල් පර්වතයක් වැටේ
සඳමාලි Wednesday, 19 November 2025 08:15 AM
රටේ ප්‍රගමනයට ද කිලෝ 159 1 බර ගල් පර්වතයක් කඩා වැටී ඇත්තේය. රටේ දියුණුවට අමතරව එය විසින් දැඩි බෞද්ධ විරෝධයක් පවත්වා ගෙන යන්නේය. එහි සහචර පර්වත කෑලි විසින් මත්ද්රව්‍ය විකුණනවා පමණක් නොව ඒවායේ ලේබල් ද මුද්රණය කරන්නේය. රටේ දුරාචාර පවත්වාගෙන යෑමට උඩ ගෙඩි දෙන්නේය. විරුද්ධවාදීන් මර්දනය කරන්නේය. කයිවාරුව සහ බොරුව පමණක් ඇත්තේය.