IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බදුලු දුම්රිය නැට්ට නැතුව දුවයි

(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේ සිට දුම්රිය ස්ථාන කීපයක් නියාමකයන් නොමැතිව ධාවනය කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා පැවසීය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ඊයේ (17) පස්වරුවේ පිටත්ව මෙම දුම්රියෙන් ඔහිය දුම්රිය ස්ථානයේදී නියාමකයන් බැස ගොස් ඇති බවත් ඉන් පසුව දුම්රිය ස්ථාන කීපයක් නියාමකයන් නොමැතිව දුම්රිය ධාවනය කර ඇති බවත් වැඩි දුරටත් දැනගන්නට තිබේ. 



අදහස් (8)

බදුලු දුම්රිය නැට්ට නැතුව දුවයි

මහසෙන් Wednesday, 18 January 2023 05:31 PM

ලෝකෙටම එකයි. ලංකාවේ විතරමයි. පේනවනේ වගකීමක් ඇතුව වැඩ කරන හැටි...

:       0       41

C.K.Lankaputhra Wednesday, 18 January 2023 06:22 PM

නැට්ට විතරක් නෙවෙයි, පනින පීලි ගනන බැලුවම දැන් දුම්රිය දපාර්තමේන්තුවේ ඔලුවත් නැති ගානයි.

:       0       3

Podda Wednesday, 18 January 2023 06:36 PM

දුම්රිය නැට්ට නැතුව දුවනවා... රටට දේශපාලකයින් කරපු විනාසෙට ජනතාව නැට්ට කපාගෙන ඉබාගාතේ දුවනවා.

:       0       0

ජගත් ලියනගේ Wednesday, 18 January 2023 07:14 PM

මාතෘකාව නං සුපිරි.

:       0       3

sampath Wednesday, 18 January 2023 07:49 PM

අනතුරක් වුණා නම් කවුද වගකියන්නේ...? දැන් මෙහෙම දුවන්න රියදුරුට පුළුවන්ද? දෙන්නගේම සේවය අත්හිටුවන්නයි තියෙන්නේ...

:       0       5

සෙනෙවිරත්න Wednesday, 18 January 2023 09:38 PM

නවීන තාක්ෂණය උපයෝගී කරගත්තා වෙන්න බැරිද?

:       0       0

Sunil Thursday, 19 January 2023 05:06 AM

කොන්දක් නැති ඇමතිට දුම්රිය සේවකයින්වත් පාලනය කරගන්න බැරි තත්වයක් තමයි පෙන්නුම් කරන්නේ .එයා ඇමති උනාට පසුව දුම්රිය සේවය නැති නාස්ති වුනා

:       1       11

JagathS Thursday, 19 January 2023 08:49 AM

රාජ්‍ය සේවය. වැඩ කර කර බදු ගෙවමු. අයිස් ගසන්නන්ට පඩිත් සමඟ OT ගෙවමු. පෞද්ගලික අංශයේ අපි රැකියා කරන්නෙ රාජ්‍ය සේවයේ අයට පඩි ගෙවන්න බදු ගෙවන්න.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site