IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බදුල්ලේ මාර ගසක් තුළ රිවෝල්වරයක්

(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල ග්ලේන්පින්වත්ත තේ වත්තේ මාර ගසක බෙනයක් තුළ සගවා තිබූ   අයිතිකරුවෙකු නොමැති  විදේශ  රටක නිශ්පාදිත රිවෝල්වරයක් සහ වෙඩිබෙහෙත් තොගයක් අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි .

ලැබුණු තොරතුරක් මත බදුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක්  බදුල්ල ග්ලේන්පින්වත්ත ට ගොස් මෙම වැටලීම සිදුකර තේ වත්තේ  මාරගසක බෙනයක් තුළ ඉටි බෑගයක දමා සගවා තිබූ රිවෝල්වරය සහ වෙඩිබෙහෙත් සොයා ගත් බවද පොලිසිය සදහන් කළේය .

විදේශ රටක නිශ්පාදිත මෙම රිවෝල්වරය සොයා ගන්නා විටත් එය මළකඩ කා තිබූ බවත් ,වෙඩිබෙහෙත් මිලිග්රැම් 437 ක් තිබූ බවද පොලිසිය පැවසීය .

මෙය කිසිවෙකු විසින් කිසියම් අපරාධයක් කිරිමට හෝ අපරාධයක් සිදු කර මෙසේ රිවෝල්වරය සගවා  තැබුවේ ද යන්න සොයා පරික්ෂණ කටයුතු සිදු කරන බවද උසස් පොලිස් නිළධාරියකු කීහ .

බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල , පොලිස් අධිකාරි බුද්දික ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ටී එම් රත්නායක  උපපොලිස් පරික්ෂක ඩී.එම් .අනුර ,සැරයන්  35234 සමන්ත , 33778 ජයසිංහ , 54116 විජෙතුංග, 40840 රත්නසිරි  යන මහත්වරුන් වැඩිදුර පරික්ෂණ පවත්වති .



අදහස් (0)

බදුල්ලේ මාර ගසක් තුළ රිවෝල්වරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 445 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site