IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බදුල්ල කොළඹ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

 

 

( ප්‍රසාද් රුක්මල් ) 

උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල - දියතලාව අතර දුම්රිය මාර්ගයේ දී පිලිපැනීමට ලක්ව තිබූ බදුල්ල කොළඹ සීඝ්‍රග්‍රාමි විශේෂ දුම්රිය යලි පිලිගත කිරීමත් සමඟ කොළඹ බදුල්ල දුම්රිය ධාවනය අද (18) අලුයම සිට යථා තත්වයට පත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

බදුල්ල දුම්රිය ස්ථානයෙන් ඊයේ (17) පෙරවරු 10.15ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ  කල සීඝ්‍රග්‍රාමි විශේෂ දුම්රිය මීට පෙර දින (16) දි දියතලාව  හපුතලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී පිළීපැනිමට ලක් වූ අතර ,එය  යථා තත්වයට පත් කිරිමෙන් අනතුරුව එම දුම්රිය ම යලි ඊයේ (17)  බණ්ඩාරවෙල  දියතලාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී පිලිපැනීමට ලක්වීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට  බාධා සිදුව තිබිණ .

පසුව පැවති අධික වර්ෂාව ,  මීදුම මෙන්ම ශීතල  මධ්‍යයේ  දුම්රිය සේවකයන් මහත්  වෙහෙසක් දරමින් බදුල්ල කොළඹ විශේෂ සීඝ්‍රග්‍රාමි දුම්රියේ පිළීපැනිමට ලක් වූ නැරඹුම් මැදිරිය සහ තවත් මගී මැදිරියක් පීළිගත කර  කොළඹ  බදුල්ල අතර දුම්රිය   ධාවනය  අද (18) අලුයම සිට සාමාන්‍ය පරිදි පැවත්වෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු සදහන් කළේය 



අදහස් (0)

බදුල්ල කොළඹ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site