(සුජිත් හේවාජුලිගේ )
දේශීය වෙදකම සහ සොබාදහම සුරැකීමේ සංවිධානයේ නියෝජිතයෝ පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ රට ගොඩනැගීම සඳහාවූ යෝජනා ඇතුළත් සංදේශයක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (24) පෙරවරුවේ බාර දුන්හ.
සංගමයේ සභාපති වෛද්යාචාර්ය එස්.පී අධිකාරිගේ මහතා සංදේශය බාරදීම සඳහා හෙළ වෙදකමට ප්‍රසිද්ධව සිටි බුද්ධදාස රජතුමා සේ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී පැමිණ සිටීම විශේෂත්වයකි.
මේ සංදේශය කතානායකවරයා වෙනුවෙන් පාර්ලිමේන්තු නිලධාරියෙක් පැමිණ බාරගත්තේය.
පාලකයින් හා ජනතාව ධාර්මිකවීම, ස්වයංපෝෂිත ගෙවතු වගා ඇති කිරීම ,ගොවිතැන හා දේශීය වෙදකම නගා සිටුවීම, ඖෂධ වගාව සහ දේශීය වෙදකම පාසල් විෂයයක් බවට පත් කිරීම,පිටිකිරි වෙනුවට කැඳ කෝප්පය හඳුන්වාදීම, විදේශයන්හි සේවය කරන අයගේ වැටුප් කොන්දේසි මත මෙරටට එවන්නැයි ආරාධනා කිරීම , රට ගැන සිතා පරිත්‍යාගශීලී සැමගේ සහාය ලබා ගැනීම, ප්රචණ්ඩ ක්‍රියා සහ හොර මැරකම් නැවැත්වීම, සියලු දේශපාලඥයන්, ධනපති ව්‍යාපාරිකයන් සියලු දෙනාම තමන් සතු සියලු ස්වර්ණාභරණ යම් කාල සීමාවක් සඳහා කිසියම් කොන්දේසි මත රජයට බාරදීම,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීම , මන්ත්‍රී දීමනා ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීම සහ අධික ලෙස ණය වීම හා විදේශ යැපුම් මානසිකත්වයෙන් ක්‍රමානුකූලව ඉවත්වීම ඇතුළු යෝජනා රැසක් එම පිරිස කතානායකවරයාට මෙසේ බාර දුන් සන්දේශයට ඇතුළත් විය.
මේ නියෝජිත පිරිසේ පැමිණීම නිසා ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ යම් කලබලකාරී තත්වයක්ද අද පෙරවරුවේ ඇතිවිය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බුද්ධදාස රජු පාර්ලිමේන්තුවට සැපත් වෙයි
lakvidu Tuesday, 24 May 2022 02:57 PM
පිස්සු නැත්තම් හොඳයි
Nal8ns Tuesday, 24 May 2022 06:59 PM
ගොඩක් හොඳයි...
Rag Tuesday, 24 May 2022 09:33 PM
පව්.. සීයා. මම මුකුත් කියන් නෑ..!!!
Bamunuarachchi Wednesday, 25 May 2022 09:09 AM
මොවුන්ගේ මල විකාර...!
Munasigha Thursday, 26 May 2022 07:21 AM
මේ සීයා අපේ ගමේ පෙරහැරට ගෙනියන්න ඕනෑ
Cynic Thursday, 26 May 2022 11:58 AM
අපිට ඩොලර් හිඟ වුණාට විහිලු කරන අයගේ හිඟයක් නෑ.