IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


බුද්ධංගල මිණි පහන නිවේ

අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනාධිපති කළුතර ධම්මානන්ද (88) නා හිමියෝ අපවත්වූහ.

වේවැල්දෙණියේ මේධාලංකාර ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අපවත්වී වදාළ මහා නායක හිමිපාණන්ගේ ශිෂ්‍යයකු වූ ධම්මානන්ද හිමියෝ 1964 වසරේ දී බුද්ධංගල අභය භූමියට වැඩම කර ආරන්‍ය සේනාසනය ඇරැඹූහ.

ශ්‍රී දේහය සඳුදා සවස්වනතුරු බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ තැන්පත් කෙරෙන අතර අනතුරුව දේහය මහජන ගෞරවය සඳහා අම්පාර දහම් මැතුරේ තැන්පත් කර තැබෙයි.

ආදාහන පූජෝත්සවය 10 වැනි දා, අම්පාර එච් එම් වීරසිංහ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි.



අදහස් (0)

බුද්ධංගල මිණි පහන නිවේ

පොඩි හාමුදුරුවෝ Monday, 07 April 2014 03:35 AM

ඔබ වහන්සේ සැබෑ කාරුණික බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්. මීට වසර ගණනකට පෙර මා අසනීප වී රෝහලේ ප්‍රතිකාර ලබන විට කිසිවෙකුගේ පිහිටක් නැතුව සිටි මා හට කරුණාවෙන්, තමන් වහන්සේට ලැබුන දාන වේල මා හට ඔබ වහන්සේගේ පින්වත් අතින් දුන් දවස තවමත් සිහිපත් වෙනවා. ලංකාවේ නොමැති නිසා ඔබ වහන්සේගේ දෙපා අල්ලා වඳින්න මට වාසනාව නැහැ. නායක හාමුදුරුවනේ, ඔබ වහන්සේ සැබෑවටම ශාසනයට සේවයක් කළ බුද්ධ පුත්‍රයෙක්. වසර ගණනක් පැවිදි වී සිටින මා හට එය හොඳින් වැටහෙනවා. අපේ හාමුදුරුවන්ට සසර සුවපත් බවත් නිවන් සුවත් පතමි. (නි)

:       0       0

දුමින්ද Monday, 07 April 2014 05:53 AM

නායක හාමුදුරුවනේ, ඔබවහන්සේට නිවන් සුව පතමු! (නි)

:       0       0

නිරාන් සෞදි Monday, 07 April 2014 09:24 AM

ඔබව වහන්සේට නිවන් සුව අත්වෙවා !(නදී)

:       0       0

ජනක Monday, 07 April 2014 09:55 AM

ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා. (ස)

:       0       0

මංගල Monday, 07 April 2014 12:18 AM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 07 April 2014 10:27 AM

අම්පාර කියන්නේ දුෂ්කර පැත්තක්. ඔබ වහන්සේගේ උත්සාහය අතිශයින් සාර්ථකයි. ඔබ වහන්සේගේ සැප සුව නොතකා හුදී ජනයා වෙනුවෙන් කළ ආගමික මෙහෙවර හේතුවෙන් ඔබ වහන්සේට අමා මහ නිවන් සුවම ලැබේවා. දුරු රටක වැඩ වාසය කරන පොඩි හාමුදුරුවන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. (ස)

:       0       0

මහරගම ධම්මසිරි හිමි Sunday, 06 April 2014 05:59 PM

අපවත් වී වදාළ නා හිමි පාණන් වහන්සේට අමා මහනිවන් සම්පත් ලැබේවා ! අපේ බුද්ධ දත්ත පණ්ඩිත ස්වාමීන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට අපේ බලවත් සංවේගය පිරිනමමු. (ස)

:       0       0

තිස්ස Sunday, 06 April 2014 06:38 PM

නායක හිමියනි ඔබ කළ මහා පින් මහිමයෙන් සසරින් මිදෙන්නට හේතු වේවා.(ස)

:       0       0

ගයාන් Sunday, 06 April 2014 06:48 PM

නිවන් සැප ලැබේවා !!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 589 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 342 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site