බුද්ධගයා බෝම්බ පිපිරීම තමන් කළ බව කැනඩාවේ සිට ඉන්දියා මුජහිදීන් සංවිධානය ට්වීටර් වෙබ් අඩවියෙන් කර ඇති ප්‍රකාශයේ ඇත්ත නැත්ත සොයන බව ඉන්දියාවේ ජාතික පරීක්ෂණ ඒජන්සිය කියයි.
ඔවුන්ගේම ට්වීටර් වෙබ් අඩවියෙන් එම වගකීම භාර ගෙන ඇති බවත්, ඊළඟ ප්‍රහාරය ඉන්දියාවේ මූල්‍ය ගත නගරය වන මුම්බායි නුවරට බවත් එහි දැක්වෙන බව හින්දුස්තාන් ටයිම්ස් පත්‍රය කියයි.
එම අනතුරු ඇඟවීම කර ඇත්තේ බුද්ධගයා ප්‍රහාරයට දිනකට කලින් බවත්, බුද්ධගයා ප්‍රහාරය සිදුවූයේ ජූලි හත්වැනිදා බවත්, බුද්ධගයාවේ ආරක්ෂක කැමරා වලින් ලබාගත් තොරතුරු අනුව 20 හැවිරිදි තරුණයන් තිදෙනකු රඳවා ගත් බවත් එම පුවත්පත පවසයි.
ආනන්ද් ප්‍රකාශ්, ගංජන් පටෙල්, හසන් මලික් හා ප්‍රියංකා ඔවුහුය.
ඉරිදා අලුයම ඔවුන් සැකකටයුතු ලෙස බුද්ධගයාවේ එහා මෙහා ගිය බව ආරක්ෂක කැමරා රූපරාමු වලින් පෙනෙතියි පොලිසිය කියයි.
එදින මහාබෝධිය අවට හෝටලවල ලැගුම්ගත් අයගේ තොරතුරු ද විමසා මේ තුන් දෙනාගේ තොරතුරු ලබාගෙන ඇත.
ඉරිදා උදේ හයට පමණ ඔවුන් තතාගත් හෝටලයෙන් පිටවී ගොස් ඇතැයි ද, ඒ වන විට පිපිරීම සිදුවී මිනිත්තු ගණනක් ගත වී ඇතැයි ද පොලිසිය කියයි.
හෙළි නොකරන ස්ථානයක රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යන බව ද පොලිසිය කියයි.
බුද්ධගයාවේ වැටී තිබී පොලිසියෙන් සොයා ගත් හැඳුනුම්පත හිමියා බාස් කෙනකු බවත්, ඔහුගේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු නැති බවත් දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුද්ධගයා බෝම්බයට හතරක් සැකපිට
ලලිත් Wednesday, 10 July 2013 12:34 PM
තව බොහෝ දේවල් ඉදිරියේදීත් සිදුවේවි. ඒ වුනත් සත්‍යය හා ස්වබාව ධරමය යටපත් කරන්න කාටවත් බැහැ. ඒක තමා ගෞතම බුදුන්ගේ ධර්මය. (නි)
ෂෙල්ටන් Wednesday, 10 July 2013 01:13 PM
මටනම් හිතෙන්නේ මේක කොටින්ගේම වැඩක්. නොමග යවන්න හදනවා වගේ. (අ)
බණ්ඩා Wednesday, 10 July 2013 02:14 PM
ෂෙල්ටන් , ඔයාට හීනෙනුත් කොටි පේනවද? ඕක ලෙඩක්. බෙහෙත් ගන්න (දී)
කාලිඩ් Wednesday, 10 July 2013 02:19 PM
මේකට වග කියන්ඩ ඕනේ දෙමළ ඩයස්පෝරාවයි ඔවුන්ගේ ඒජන්තයා වෙන බී.බී.එස් එකයි.(නදී)
පිටබෙද්දර ජයා Wednesday, 10 July 2013 03:04 PM
කවුරු කලත් කළකම් පලදෙනවාමයි ! මතකනේ ඇෆ්ගනිස්ථානෙට උන දේ ! මතකනේ කොටින්ට උනදේ ! මේ හෙමෝම බුදු දහමට බයයි මොකද ආර්තර් සී ක්ලාක් මහත්තය කියල තිබුන 2050 ලෝකේ අංක 1 බුදු දහම කියල . අපි හයියෙන් සාදු කාරයක් දෙමු සාදු! සාදු! සාදු!(අ)
ජෝයි ඩයස් Wednesday, 10 July 2013 11:48 AM
පරීක්ෂණ නොමගයවන්නයි, ඒ කාලය ඇතුලත පැනගන්නයි හැදුනුම්පතක් දාලා යන්න ඇත්තේ.කැමරා පද්ධතිය ගැන ආරක්ෂක අංශ අවධානයෙන් නොසිටීමේ පලය තමා ලැබුනේ.යුද්ධයක් ඇතා,නැතා රටක ආරක්ෂක අංශ අවදියෙන් සිටීම වැදගත් බව එම ප්‍රහාරය කියාදීපු පණිවිඩයයි.නමුත් ආනිසංස පාපකර්ම ඔවුන්ට පලදෙනවාමයි. (අ)
අමිළ Wednesday, 10 July 2013 12:03 PM
කෙසේ වෙතත් සත්‍යට බයේ මිත්‍යා දෘෂ්ටිකයෝ අවි අරගෙන. සියලු බෞද්ධ සිද්ධස්ථාන රැකගෙන බුරජාණන් වහන්සේ වදාළ අවිහිංසා මාර්ගයේ යමු. මේ උදවිය වල්මත්වී ඇති බව පෙනෙනවා.(නදී)