IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බද්ද සහල් ආනයනයට බාධාවක්?

(යොහාන් භාසුර)

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ආනයනික සහල් සඳහා අය කරන බද්ද අඩු කිරීමට හෝ සහල් මිල වැඩි කිරීමට කළ ඉල්ලීමක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සහල් ආනයන අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය අතර වෙළෙඳ අමාත්‍යංශයේදී අද (11) පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම ඉල්ලීම් දෙක ඉදිරිපත් වූ අතර එහිදී අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම තත්වය හමුවේ සහල් ආනයන කළ නොහැකි යැයි ආනයනකරුවන් අමාත්‍යවරයාට පවසා තිබේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක් වන නිහාල් සෙනෙවිරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ සහල් ආනයනික බද්ද අඩු කිරීමට හෝ සහල් මිල ඉහළ දැමීමට කළ යෝජනාව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රතික්ෂේප කළ බවයි. ආනයනකරුවන් මේ වන විටත් සහල් ඇනවුම් කර මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බව නිහාල් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (6)

බද්ද සහල් ආනයනයට බාධාවක්?

රුවන් Thursday, 12 December 2024 07:30 AM

මාර කතාවේ, බද්ධත් අඩු කරාම මුන් කොහොමත් 200-250ටම දෙන්නේ, ලාභය ඩබල්. මාරු හොරුනේ. ලාභය 10%ට වැඩි නම් බදු ගහන්න ඕනේ ආනයනය කරුවන්ගෙන්. මිනිස්සු නේ මැරෙන්නේ මෙවා වලින්

:       0       0

nanda Thursday, 12 December 2024 07:50 AM

කොහොම හරි මිල වැඩි කරලා දෙයි

:       0       0

නිහාල් Thursday, 12 December 2024 08:11 AM

බද්ද නොකළ සහල් නැද්ද?

:       0       0

Bunny Preena Thursday, 12 December 2024 10:27 AM

කල දුටු කල වළ ඉහා ගැනීමට ගියාම වෙන දේවල් තමයි මෙවැනි සිදුවීම්

:       0       0

Kamal Koyrala Thursday, 12 December 2024 12:11 PM

එන්සීආර් විවෘත කරන කොට මේ බව නොකිවේ මන්ද සියලු සහල් වෙලෙන්දන්ගේ කුමන්ත්‍රණයක් ඔවුන් ඇනවුම් කළා නම් නැවත ඇනවුම් සඳහා එන්සිආර් වීවෘත නොකර එකී ඇනවුම් රජයට ගන්න

:       0       0

sene Thursday, 12 December 2024 03:24 PM

සෙනවිරත්න මේකත් පරණ ආන්ඩුවේ උගුලක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site