IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බෝතලේ අම්බලම වෙල මැද තනි වේ

අනුරාධපුර රජ සමයේ සිට පැවති මීරිගම බෝතලේ ඓතිහාසික වෙල මැද අම්බලම කළක් තිස්සේ නිසි නඩත්තුවක් නොමැතිකමින් කැඩී බිඳී විනාශ වෙමින් පවතී.

ගෝඨාභය රජ සමයේ මෙම අම්බලම ඉදි කර ඇත්තේ අනුරාධපුරයේ සිට අත්තනගල්ල දක්වා වැටී තිබූ මාර්ගය අසබඩ බව ජනප‍්‍රවාදයේ සදහන්වේ.

මේ අම්බලම පිහිටියේ බෝතලේ වල්ව්ව පිහිටි ගමේය.බෝතලේ වලව්වේ සිටි අය අතර ඩී එස් සේනානායක, ශ්‍රී ලංකාවේ මුල්ම අගමැති ද කෙනෙකි.

ඩී එස්  සේනානායක මහතා ද ඔහුගේ පියා වන දොන් ස්පේටර් මුදලිතුමාගේ පවුලේ අය ද මේ අම්බලමේ  කුදු මහත් කටයුතුවලට දායක වු බව කියති. එදා සිටි ගොවීන් ඇතුළු වැසියෝ මේ අම්බලමේ සෙවන ලදහ.

අනුරාධපුරයේ සිට ආ මෙම මාර්ගය මාඔයේ ඕලූස්සා මංකඩ, බත්ගම්ගොඩ, පිරිස්යාල, අඩුපේ, බෝතලේ ,බටලීය ආදි ගම්මාන ඔස්සේ අත්තනගල්ල දක්වා වැටී තිබී ඇති බවද කියති. බෝතලේ ගම්මානය එවකට වැහැරපොළ ලෙස ප‍්‍රසිද්ධව තිබී ඇත.

මෙම කොටසේ අම්බලම් දෙකක් තිබී ඇති අතර ඉන් පලමුවැන්න බෝතලේ වෙල මැද අම්බලමය. දෙවැන්න වත්මන් බටලීය ප‍්‍රදේශයේ තිබී ඇති අතර එම අම්බලම තිබූ බව කියන ස්ථානය දැන් බුද්ධ ප‍්‍රතිමාවක් තබා වන්දනා මාන කරන ස්ථානය බවට සැලකෙන බව මේ පිලිබදව ‘එසැණ‘ කළ සොයා බැලීමේදී බෝතලේ ශී‍්‍ර ගෝඨාභය රාජ මහා විහාරාධිපති මහෝපාධ්‍යාය කඩිගමුවේ පේමානන්ද හාපිටිගම් කෝරලේ ප‍්‍රධාන සංඝනායක නාහිමියෝ සදහන් කළහ.

ගමේ පැරැන්නන් කියන අන්දමට මෙම අම්බලම සිංහල උළු සෙවිලි කර තිබී ඇත. වසර පනහකට හැටකට  පමණ පෙර එහි වහලය අබලන්වී විනාශවීමේ තර්ජනයක් උද්ගතවූ අවස්ථාවේදී රට උළු සෙවිලි කරනු ලැබූ බව ගමේ වැඩිහිටියන් කීප දෙනෙකුගෙන් දැන ගන්නට ලැබිණි.

පසුකාලීනව මාර්ග පද්ධතියක් ස්ථාපිතවීමත් සමග අම්බලම අභාවයට ගියත් මෙය වෙල් යායක් මැද පිහිටීම නිසා ගොවීන්ට මහත් සෙතක් අත්වී ඇත. මේ වනවිට වහලය දැඩි ලෙස අබලන් නිසා ගොවීන්ද එයින් ප‍්‍රයෝජන ගැනීම අතහැර ඇත්තේ අනතුරකට අතවනන ස්ථානයක්වී ඇති නිසාය.

වසර කිහිපයක සිට අම්බලම යළිත් අබලන්වන්නට වූ අතර  විටින්විට වගකිවයුත්තන් දැනුම්වත් කළත් කිසිදු පියවරක් මෙතෙක් ගත් බවක් දැනගන්නට හෝ නැත.

ගම්පහ දිස්තී‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් විජයවර්ධන මහතා බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන සමයේ ඒ මහතා හා පළාත් සභා මන්තී‍්‍ර උදේන විජේරත්න මහතා මෙම අම්බලම පිලිසකර කිරීම සදහා මුදල් වෙන් කරනු ලැබුවද විවිධ නීති හරස්වීම නිසා එම උත්සාහයන්ද අපතේ ගියේය. මේ සදහා මීරිගම ප‍්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව මේ සම්බන්ධව උපදෙස් පතා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන්ද විමසීම් කළත් පලක් නොවු බව එම රැස්වීම්වලදී අනාවරණය විය.

මෙම අම්බලම සම්බන්ධයෙන් වහා පියවරක් නොගතහොත් වැඩි කලක් යාමට පෙර බිම පතිතවී අතීතයේ වටිනා සම්පතක් තිබූ ඓතිහාසික තැනක්වත් අනාගතයේ දරු පරපුරට දැක ගන්නට නැති වන දිනය අත ළගවනු ඇති බව එහි ගිය ගමනේදී නිරීක්ෂණ විය.

 

 

 



අදහස් (0)

බෝතලේ අම්බලම වෙල මැද තනි වේ

ටිකිරි බංඩා Sunday, 29 December 2013 04:10 PM

පිටබැද්දර ඡයා කියනවා වගේ ඕක කරුමෙට තියෙන්නේ බෝතලේ නේ. වැරදිලාවත් හම්බන්තොට පැත්තේ තිබුනා නම් හෙලිකොප්ටර් යාර්ඩ් එකකුත් ඇති කරයි බලන්න යන්න.(නදී)

:       0       0

නිරංජලා. Sunday, 29 December 2013 04:30 PM

වගකිවයුත්තෝ මීළඟ කුඩු නැව වරායට එනකල් මෙන්ම එය නිදහස් කරගන්නා තෙක් මග බලා ඉන්න මෙවන් සමයක මෙවැනි ස්ථාන පිළිබඳව අවධානය යොමුකරයිද?ලංකාවේ අතීත ශ්‍රී විභූතිය ආරක්ෂා කිරීම කෙසේ වෙතත් නිධන් සහ අනෙකුත් පෞරානික වස්තුන් තම ධනස්කන්ධයට එක්කර ගැනීමට නම් අවධානය යොමු කරයි. අඩුම වශයෙන් සමාධි පිළිමය සහ රුවන්වැලිසැයවත් නිරුපද්‍රිතව අනාගත පරපුරට ඉතුරු කලොත් පුදුමයකි.(නදී)

:       0       0

ෂේන් Sunday, 29 December 2013 08:23 PM

මේවා රැක ගන්න එක හොදයි. මොකද මේ යන විදියට ගියොත් අම්බලමේ පිහිට තමයි.(නදී)

:       0       0

තිළිණි Sunday, 29 December 2013 08:30 PM

ගෝඨාභය මහතාට කියමු. පක්ෂ බේදයක් නැතුව හදල දෙන්නත් බැරි නෑ.(නදී)

:       0       0

අනිල් පෙරේරා Sunday, 29 December 2013 01:10 PM

මේ දිරාපත් වී විනාශ වී යන්නේ අපට අපගේ මුතුන් මිත්තන් විසින් ඉතිරි කර කියා දුන් අපේම,කම නොවේද? අදාල අමාත්‍යතුමා හරි සිහිනුවනේ පිහිටත්වා.ආයු බොහෝ වේවා.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 29 December 2013 01:28 PM

අම්බලමත් කරුමෙට තියෙන්නේ බෝතලේ නේ. වැරදිලාවත් හම්බන්තොට පැත්තේ තිබුනා නම් බලාගන්න තිබුනා එහෙනම් වැඩේ.(නදී)

:       0       0

ලුම්බිණි Sunday, 29 December 2013 01:30 PM

අද කාලේ පෞරාණික වැදගත් කමක් ඇති දේවල් ගැන සලකන අය බොහොම අඩුයි. මේක තමා අලුත්ම තත්වය. (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 29 December 2013 01:38 PM

එසැනට ස්තුතියි. අදාළ පාර්ශවයට යොමු කරන වගකීමත් එසැනින්ම කලොත් බොහොමත්ම ස්තුතියි.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 29 December 2013 01:41 PM

අතීතයක් නැති තැන අනාගතයක් නැහැ. වර්තමානයේ අතීතය ආරක්ෂාකර ගත්තොත් අනාගතයක් තිබේවි.(නදී)

:       0       0

ධණුස්ක Sunday, 29 December 2013 01:56 PM

ගසාකන්න ඕනා තරම් සල්ලි තිබුනට ජාතික සම්පත් බේරන්න සල්ලි නැද්ද? (නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 30 December 2013 09:11 AM

ෂේන් නියම කතාව...රට යන හැටියට ළඟදීම අපට අම්බලමේ පිහිට තමයි. (ස)

:       0       0

නුගේගොඩ Sunday, 29 December 2013 02:10 PM

රාජා හරි. (නදී)

:       0       0

සුරේෂ් ඩුබායි Sunday, 29 December 2013 02:42 PM

කෝ අර සංවිධාන. මේවා පේන්නේ නැද්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site