IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බිත්තර මිල ගැන පාර්ශව දෙකක් ගැටුමක

 

(යොහාන් භාසුර)

පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය දින කීපයේදී සමස්ත රටම ආවරණය වන පරිදි වැඩි මිලට බිත්තර අළෙවි කිරීම් සම්බන්ධ වැටලීම් 145 ක් කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

වැඩි මිලට බිත්තර අළෙවි කිරීම පිළිබඳව වැටලීම් තව දුරටත් ක්‍රියාම්තක කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

මෙම තත්වය හමුවේ රට තුළ බිත්තර හිඟයක් නිර්මාණ වී ඇති බව බිත්තර නිෂ්පාදකයෝ පවසති.

බිත්තරයක් රුපියල් 55 කට උපරිම සිල්ලර මිලකට අළෙවි කිරීමට අවසර ලැබී ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා පැවසීය.

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව එම සංගමය අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නිසා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් රුපියල් 55 කට බිත්තර අළෙවි කිරීමට අනුමැතිය ලැබී ඇති බවත් ආහාර සුරක්‍ෂිතා කමිටුවට එම මිල නිලවශයෙන් දැනුම්දීම ප්‍රමාද වී ඇති බවත් විජය අල්විස් මහතා කීය. 

 



අදහස් (2)

බිත්තර මිල ගැන පාර්ශව දෙකක් ගැටුමක

de silva Thursday, 10 November 2022 12:40 AM

පාලන මිලට බිත්තර දීම ප්‍රශ්නයක් නම් බිත්තර පිට රටින් ගෙන්වන්න

:       0       0

Lalith M Thursday, 10 November 2022 09:18 AM

වෙලඳ පොලට මිල තීරණය වෙන්න ඉඩ දෙන්න. නැතිව නිශ්පාදනය නවතිනවා. ඒක බිත්තර රටින් ගෙන්වන ජරාව කන උපක්‍රමයක්..... නිෂ්පාදකයා ආයෝජකයා ලාභ ලබන්න ඕන. ඒක තමා රටක් දියුණු වන ක්‍රමය.... සියල්ල අඩු මිලට දීමෙන් හිඟන මානසිකත්වය වැඩිවෙනවා පමණයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site