IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


බණින්න හේතුව

2016-06-21-ent-19ආණ්ඩුවෙ ඉන්න බොහොම දැන උගත් සංයමයෙන් කතා කරන ඇමැතිසයිස් මහත්තයෙකුට පසුගිය දවසක මල පැනල ඒකාබද්ධ කස්ටිය එක්ක ඉන්න කටකාර ආර්ථික විසේසඥයකුට කවුන්සිලේදීම බැණගෙන බැණගෙන ගියා...

මේ දොස් පරොස් අහපු විපක්ෂ ලොක්ක පුදුම වුණා. කවදාවත් මේ මට්ටමට නොවැටෙන ජ්‍යෙෂ්ඨ ආචාර්ය තැනට මේ මොකද වුණේ කියල මැතිසබා ලොබිය පැත්තෙ කතා කර කර ඉන්නකොට හිරිමල් වියේ ඉන්න තරැණ හැඩකාර මන්ත්‍රී නෝන කෙනෙක් කට කොනින් හිනාවුණා. ඒ හිනාවෙ මොකක් හරි රහසක් ඇතිය කියල හිටපු ඒකාබද්ධ විපක්ෂයෙ මහත්තය හෙමින්ම අර නෝනගෙ කනට කරල ඇහුව මොකද ඔයා හිනාවුණේ? ඔයා මොනව හරි දන්නව වගෙයි කියල...

ඔන්න ඊට පස්සෙ පොරොන්දු පිට ඒ නෝන රහස ටිකක් එළි කළාලු... මේ බැණුම කරපු ලොකු මහත්තය කලක් කිට්ටුවෙන්ම ඇසුරැ කරපු දකුණට සම්බන්ධ සුන්දර දේශපාලන ලලනාවක් දැන් එතුමා එක්ක අමනාපලු. ඒකට හේතුවත් දේසපාලන පක්ෂ මාරැ කතාවක් කියල කියනව.

ඉතින් කොහොම හරි දකුණෙ සුන්දර ලලනාවගෙ පක්ෂ රුස්වීමක ඒකාබද්ධ විපක්ෂයෙ ආර්ථික විසේසඥතුමා එදා උදේ ලොකු කතාවක් කරල අර ලලනාවට ජනතාවගේ ලකුණු ගොඩක් අරන් දුන්න කියන ආරංචිය අහපු ආණ්ඩුවෙ ජ්‍යෙෂ්ඨයට උන්හිටි තැන් අහිමිවෙලා මල පැන්නලු. ඊට පස්සෙ ආපු පළවෙනි කතාවෙන් හිටු කියල ආර්ථික විසේසඥයට නෙළුවලු... ඒකයි රහස... මේ කතාව අහපු ඒකාබද්ධ විපක්ෂෙ මහත්තයට මෙහෙම කිය වුණා.

"බලන්නකො අනේ ප්‍රේමය වෛරයට හැරැණම පැත්තක ඉන්න අපටනේ කන්න වෙන්නෙ"

 

DESHAYA



අදහස් (0)

බණින්න හේතුව

ඩිල්ෂාන් Friday, 24 June 2016 01:53 PM

දැන් නම් මොන කතාව කිව්වත් ජනතාවගෙන් ලකුණු ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 304 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 791 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site