(ඩී.කේ.රත්න )
කොරෝනා වයිරසය පැතිරීයාමට උපකාරී වන අයුරින් බණ්ඩාරවෙල ස්ප‍්‍රීංවත්ත ප‍්‍රදේශයේ පවත්වා ගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලා එහි සිටි 5 දෙනෙකු අද (28) හවස අත්අඩංගුවට ගෙන ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පැවසීය.
අම්පාර , මිනුවන්ගොඩ සහ මහනුවර ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 21 , 25 සහ 27 වයසේ පසුවන තරුණියන් තිදෙනෙකු බණ්ඩාරවෙල උතුරු කැඹිල්ලෙවෙල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක තරුණයෙකු සහ දියතලාව කදුරුගමුව ප‍්‍රදේශයේ පදිංචි මෙම සමබාහන මධ්‍යස්ථානය පවත්වා ගෙන ගිය පුද්ගලයාද බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොරෝනා වයිරසය පැතිරීයාමේ අවදානමක් මතුවීම නිසා සම්බාහන මධ්‍යස්ථාන වසා දමන ලෙසට දැනුවත් කර තිබියදී මෙම පුද්ගලයා තරුණියන් යොදවමින් සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන බවට බණ්ඩාරවෙල පොලීසියට ලැබුණු තොරතුරුත් මත මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බණ්ඩාරවෙල සම්බාහන මධ්‍යස්ථානයක් වටලා 5ක් අත්අඩංගුවට
විපරමා Tuesday, 28 April 2020 01:12 PM
කොරෝනා අස්සේ පොඩි ආතල් එකක් ගන්ඩ ගිහින් වගේ?
Appuhami Tuesday, 28 April 2020 03:22 PM
ස්පා කිව්වට මෙවගේ වෙන්නේ පැරණිම රස්සාවනේ...
Rohana Tuesday, 28 April 2020 04:58 PM
මොන දේවල් ගත්තත් කොරෝනා හදාගෙන දුක් විදින්න වෙයි. ගන්න කලට සැප මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කියල තියෙනව මතකද?
wije Wednesday, 29 April 2020 03:34 AM
අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන්න නීතියෙන් අවසර තියනවනේ. අනේ ඉතින් මේවාත් අත්‍යාවශ්‍ය කට්ටිය ඉන්නවා ඇතිනේ..