IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බණ්ඩාරනායක සිසු නයුවෝ දිවුරති

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ 2013/2014 වර්ෂ සඳහා තේරී පත්වූ නව ශිෂ්‍ය නායකයෝ අද දිවුරුම් දුන්හ.

විදුහල්පති ලාල් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස රජරට විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය නීතීඥ ශාඛ්‍ය නානායක්කාර මහතා සහභාගී විය.

නව ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස ඩබ්ලිව් පී ශාන්ත සඳරුවන් සිසුවා ද, උප ප්‍රධාන ශිෂ්‍ය නායකයන් ලෙස එල් පී විශ්ව ඉන්ද්‍රචාප සහ ප්‍රබෝද් මධුෂාන් සිසුහු ද නීතීඥ ශාඛ්‍ය නානායක්කාර සහ විදුහල්පති   දිසානායක මහත්වරුන් අතින් පදක්කම් ලදහ.

අලුතින් ශිෂ්‍ය නායක මණ්ඩලයට බඳවා ගත් සිසුන් 36 දෙනකුට අද කණිෂ්ඨ ශිෂ්‍ය නායක පදක්කම් පැළැඳවූ අතර ගිය වසරේ කණිෂ්ඨ ශිෂ්‍ය නායක පදක්ම් පැළැඳි සිසුන් 20 දෙනකුට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක පදක්කම් පැළැඳවනු ලැබූහ.

පදක්කම් පැළැඳි සියලු ශිෂ්‍ය නායකයන් හට ප්‍රතිඥාව කියවනු ලැබුවේ 2012/2013 හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක ඉසුරු උදාන වීරසිංහ විසිනි.

ඉන් අනතුරුව පාසල හැර යන ශිෂ්‍ය නායකයන්ට සහතිකපත් පිරි නැමූ අතර හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක ඉසුරු උදාන සිසුවා කතාවක් පවත්වමින් තමන් පාසල වෙනුවෙන් සිදු කළ මෙහෙය ගැන විස්තර කළේය.  අද දින ශිෂ්‍ය නායක මණ්ඩලයේ වැඩ කටයුතු භාර ගත් නවකයන් හට පාසලේ වැඩ කටයුතු සිදු කරන ආකාරය ගැන ඔවදන් කිහිපයක් ද ඔහු ලබා දුන්නේය.



අදහස් (0)

බණ්ඩාරනායක සිසු නයුවෝ දිවුරති

අනිල් Friday, 27 September 2013 10:42 AM

නමදිමු මගේ විදුහල් මාතා, මට දිරිය නැණස දුන්.... (ස)

:       0       0

පහන් මඩුගල්ලේ Thursday, 26 September 2013 11:13 PM

මේ මගේ පාසලයි. ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු .යාලුවෝ අද නැත වෙන අය එහි ඇත .නමදිමු බණ්ඩාරනායක විදුහල් මාතා!!!!! (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 26 September 2013 11:39 PM

පාසලක ශිෂ්‍ය නායකයෝ තේරීම අවුරුදු පතා කරන අභ්‍යන්තර කටයුත්තකි. (නි)

:       0       0

රුවන් කරුණානායක Friday, 27 September 2013 11:11 AM

නමදිමු බණ්ඩාරනායක විදුහල් මාතා..... (ස)

:       0       0

ලසන්ත මංජුල ගනේපොල Friday, 27 September 2013 11:50 AM

මමත් A / L 97, ආඩම්බරයි............ නමදිමු බණ්ඩාරනායක විදුහල් මාතා..... (ස)

:       0       0

අනෝමා ලියනාරච්චි Friday, 27 September 2013 07:44 AM

මා උසස් පෙළ ලියු පාසැල 1979 1982 වසරේ නමදිමු බන්ඩාර නායක විදුහල් මාතා සිතිනි බතිනි.(නදී)

:       0       0

දිනේෂ් Friday, 27 September 2013 08:19 AM

මගේ ආදරණීය පාසැල 2014 කණඩායම.(නදී)

:       0       0

මනෝජ් තිලකරත්න Friday, 27 September 2013 09:44 AM

නමදිමු බණ්ඩාරනායක විදුහල් මාතා, සැමට දිරිය, නැණ, බල පතමි (නි)

:       0       0

උදිත් Friday, 27 September 2013 09:56 AM

අකුරු මැකී නැහැ කොළ ගැලවී නැහැ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 591 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site