IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බාටා-සන්ඩේ ටයිම්ස් පාසල් ක‍්‍රිකට් කී‍්‍රඩකයා තෝරා ගැනීම ජනවාරි 1 වැනිදා ඇරඹෙයි

වසරේ හොඳම පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් හා කණ්ඩායම් අගැයෙන ‘බාටා/සන්ඬේ ටයිම්ස්’ ජනප‍්‍රියම පාසල් ක‍්‍රිකට් කී‍්‍රඩකයා තේරීමේ තරගය 2012 වසරටත් පැවැත්වේ. තරගය අරඹමින් පළමු සතියේ කූපන් පත ජනවාරී මස 1 වැනිදා සිට සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් ප‍්‍රකාශයට පත් කෙරේ. එතැන් සිට විජය පුවත් පත් සමාගමේ සෙසු ප‍්‍රකාශන වන ඬේලි මිරර්, දිනපතා ලංකාදීප සහ තරුණයා යන පුවත්පත් වල ද ‘බාටා/සන්ඬේ ටයිම්ස්’ ජනප‍්‍රියම පාසල් ක‍්‍රිකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ ජනප‍්‍රියම හා දක්‍ෂතම ක‍්‍රීඩකයන් තෝරා ගැනීමේ කූපන් පත් පළ කෙරේ. බාටා ආයතනය හා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත අනුග‍්‍රහයෙන් පස් වැනි වරටත් සංවිධානය කෙරෙන මෙම තරගයේදී පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් මෙන්ම කණ්ඩායම් රැුසකගේ කුසලතා අගයමින් ඔවුන්ට සම්මාන, කුසලාන හා සහතිකපත් පිරිනැමේ. මෙම වසරේද පාඨකයන්ට කූපන් පත මගින් වසරේ ජනප‍්‍රියම සමස්ත ලංකා පාසල් ක‍්‍රිකට් කී‍්‍රඩකයාට අමතරව වසරේ ජනප‍්‍රියම නැගී එන පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා සහ ජාත්‍යන්තර පාසල්වල වසරේ ජනප‍්‍රියම නැගී එන කී‍්‍රඩකයා හට මනාපය ප‍්‍රකාශ කළ හැකිය. මෙවරත් කූපන්පත් පුරවා එවන පාඨකයන්ට  වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ. පසුගිය වසරේ විශිෂ්ටතම සමස්ත ලංකා පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස කොළඹ රාජකීය විදුහලේ තුන් ඉරියව් ක‍්‍රීඩක භානුක රාජපක්‍ෂ සම්මානයට පාත‍්‍ර විය. එළැඹෙන ජනවාරී මස 1 වැනිදා සිට ආරම්භ වන තරගයේ කූපන් පත් ප‍්‍රසිද්ධ කිරීම 2011 වසරේ මැයි මස 23 වැනිදා දක්වා සිදු කෙරේ. සම්මාන ප‍්‍රදානෝත්සවය අගෝස්තු මස 3 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙවර සමස්ත ලංකා තරග වටයට පාසල් 36 ක් ඇතුළත් කර තිබේ.

සමස්ත ලංකා කාණ්ඩයට ඇතුළත්වන පාසල්:

කොළඹ ආනන්ද, නාලන්දා, කොළඹ රාජකීය, වෙස්ලි, ඞී.එස්.සේනානායක, බොරැුල්ල ඉසිපතන, ලූම්බිණි, කොටහේන ශාන්ත බෙනඩික්, මරදාන ශා.ජෝෂප්, බම්බලපිටිය ශා.පීතර, තර්ස්ටන්, කොළඹ සහිරා, මහනාම, ගල්කිස්ස ශා.තෝමස්, මොරටුව ශා.සෙබස්තියන්, මොරටුව වේල්ස් කුමර, මොරටු විද්‍යාලය, ධර්මපාල, පානදුර රාජකීය, සිරිකුරුස, කළුතර විද්‍යාලය, කඳාන ද මැසිනොද්, මාරිස්ටෙලා, ධර්මරාජ, කටුගස්තොට ශාන්ත අන්තෝනි, මහනුවර ත‍්‍රිත්ව, ශාන්ත සිල්වෙස්තර, කිංග්ස්වුඞ්, ගාල්ල මහින්ද, රිච්මන්ඞ්, ශාන්ත ඇලවීෂියස්, අම්බලන්ගොඩ ධර්මාශෝක, බලපිටිය රේවත, ශාන්ත සර්වේසස්, කුරුණෑගල මලියදේව සහ වෙන්නප්පුව ජෝශප්වාස්



අදහස් (0)

බාටා-සන්ඩේ ටයිම්ස් පාසල් ක‍්‍රිකට් කී‍්‍රඩකයා තෝරා ගැනීම ජනවාරි 1 වැනිදා ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site