IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බෝට්ටුව පෙරළී සිවුදරු පියා මියයයි

(සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා) 

ධීවර කටයුතු සදහා මුහුදු ගොස් එමින් සිටීයදී ධීවර බෝට්ටුව අද (20) පස්වරුවේ  පෙරලී පුද්ගලයකු මියගොස් තවත්  දෙදෙනෙකු පිහිනා දිවිගලවාගෙන ඇති බව වාද්දුව පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව හී පදිංචි නිශාන්ත මංජුල කුමාර 38 හැව්රිදි සිවුදරු පියකු  බව පොලිසිය කීය.

මියගොස් ඇති පුද්ගලයා සිය පුත්‍රයා සහ තවත් පුද්ගලයකු සමග ධීවර කටයුතු සදහා මුහුදු ගොස් එමින් සිටීයදී වෙරළට මීටර් 150 ක් පමණ ඈතින් බෝට්ටුව පෙරලී තිදෙනා ගොඩබිමට පිහිනා ඇති බව සදහන් වේ.

එහිදී මුහුදු වතුර පෙවී සිටී පුද්ගලයා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවත් , එහිදී මියගොස් ඇති බව පොලිසිය කීය.

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී ජේ.ඒ.එස්.කේ.ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

බෝට්ටුව පෙරළී සිවුදරු පියා මියයයි

Bunny Preena Friday, 21 July 2023 09:37 AM

ජීවිත ආරක්ෂක කබා පළඳා සිටියානම් ඔහුට බේරෙන්න තිබුනා .දැන් ඉතින් කියයි එයා ගෙනල්ලා තියන ආයුෂ එච්චරයි කියලා

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 478 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site