IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘බීජ පනත එපා‘

යෝජිත බීජ පනතට එරෙහිව බීජ අයිතිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද බත්තරමුල්ල පාලම්තුන හංදියේ සිට රජමල්වත්ත පාරේ පිහිටි ගොවිජන මන්දිරිය ඉදිරිපිටට පාගමනින් පැමිණ   සත්‍යග්‍රහයක් පැවැත්වීය.



අදහස් (0)

‘බීජ පනත එපා‘

ලලිත් - එස්.එල් Wednesday, 25 June 2014 08:41 AM

විමල් මහත්තයෝ දැනගෙන කතරගම යන්න. (නදී)

:       0       0

සමන් Wednesday, 25 June 2014 09:06 AM

අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාලේ. (නදී)

:       0       0

අමර Tuesday, 24 June 2014 07:26 PM

ඇට අයිතිය ගොවියන්ට තිබිය යුතුයි. සමාගම් වලින් ගත්තම කොහොමද ගොවියා රජ වෙන්නේ? ගොවියා බලු කරවන්ද ගෙන පනතක්. අනේ රටක්. (අ)

:       0       0

විමල් Wednesday, 25 June 2014 09:25 AM

ලලිත් මහත්තයෝ ඔයාගේ කතරගම ගමනෙන් වැඩක් නැහැ. අැයි මේකට විරුද්ධ වෙන්න බැරි? පැහැදිලි කරන්න. දේශීය දේවල් රකින්න නෙමේද ඒගොල්ලෝ ඉදිරිපත් වෙන්නේ. රටේ දේශීය බීජ අයිතිය කාටද දෙන්ඩ ඕනේ? කෝ උත්තර? (ස)

:       0       0

සනුකි Wednesday, 25 June 2014 10:57 AM

බන්දුල පෙරේරා මහත්තයෝ ඕවට සල්ලි වියදම් කරපුවහම කෝටි ගණන් වටිනා වාහන පර්මිට් එහෙම අපේ උතුමන්ලාට දෙන්නේ කොහොමද? (නදී)

:       0       0

අපොන්සු Wednesday, 25 June 2014 04:35 PM

අර කැසිනෝ තහනම් කරන පනතටම මේකත් ඇතුල් කලා නම් ඉවරයිනේ ආයුබෝවන්. (ස)

:       0       0

අහිංසා Wednesday, 25 June 2014 12:20 AM

මේ පනත සම්මත කරගන්න අත උස්සන්නේ ජාති ද්‍රෝහී දේශ ද්‍රෝහී නුගත්, මේ ලෝකයේ වෙන දේවල් ගැන කිසිවක් නොදන්නා පිස්සෝ රැලක්.මේ බිජ පනතෙන් අවසානයේදී අපට ආවේනික අපේ රටේ බිජ වර්ග වගාකරන්න තහනම් වෙනවා. ලොක්කන්ගෙන් අහන්නේ නැතිව වගා කලොත් හිරේ යන්න වෙනවා.කැනඩාවේ ඒක සිදුවුනා ...සුළගේ පාවි ආපු කපු බිජ ගොවියෙකුගේ ඉඩමක පැලවෙලා අස්වනු නෙලන කාලයට ආණ්ඩුව මේ ගොවියාව හිරේ දැම්ම. නමුත් ප්‍රබල ගොවි සන්විධානවල පීඩනය හමුවේ ඒ අහින්සකයාව නිදහස් කරන්න කැනඩාවේ රජයට සිදුවුණා...මේ පනත සම්මත වුනොත් ..අවසානයේදී ..අපේ රටට ආවේනික බිජ සමහර බහුජාතික සංවිධාන වලින් මංකොල්ල කාවි...ඒ වෙනුවට ජාන තාක්ෂණයෙන් වෙනස්කරන ලද බිජ අපට ලැබේවි....පැලෑටිය ලොකුවෙලා..මල් හටගන්න කාලයට විශේෂ රසායනිකයක් යොදන්න වෙනවා...එහෙම නැතිනම් මල්හට ගන්නේ නැහැ...ඊගාවට ගෙඩි හෙවත් කරල් හටගන්න තවත් රසායනික උත්තේජකයක් යොදන්න ඕන ...නැතිනම් අස්වනු නැහැ....කි වරක් ඔබට මුදල් වියදම් කරන්න වෙනවාද...? තව දෙයක් ඒ කරල්වලින් හටගන්න බිජ අජීවි බිජ ...ඒවා පළවෙන්නේ නැහැ.පලවෙන බිජ ගන්න අර බිජ විකුණන ඒජන්තයා ගෙන්ම ගන්න වෙනවා.තවත් දෙයක් දැන් බටහිර රටවල ජන තාක්ෂණයෙන් හදපු සමහර භෝග තහනම් කරනවා. මේ ලඟදි ප්‍රන්සය සෝයා වර්ගයක් විනාශ කරන්න තීරණය කලා...මේ ගැන ලියන්න මෙහෙම බැහැ...ඒක ලොකු කතාන්තරයක්.ලිපිය දිග වැඩිනිසා කතෘ තුමා මේක පලකරාවීද දන්නේ නැහැ. (ස)

:       0       0

සීවලී Wednesday, 25 June 2014 12:59 AM

කවුරුහරි පහදලා දෙනවද හරියටම මොකක්ද මේ බීජ පනත කියලා? (නි)

:       0       0

අචිනි Wednesday, 25 June 2014 12:33 PM

අහිංසා ඔබේ අදහස හරි මමත් එකඟයි එ්කට. මේ පනත සම්මත උනොත් පාරිසරික ගැටළු පවා තව දුරටත් වැඩිවෙනවා. නමුත් මේක සම්මත කලහම අපේ ලොක්කන්ට ලොකු කොමිස් කුට්ටි ලැබෙනවා. එ්ක නිසා රටේ ප්‍රදාන පුද්ගලයන් පවා මේක සම්මත කරන්න උපරිම කතන්දර කියාවි (නදී)

:       0       0

සත්‍යා Wednesday, 25 June 2014 02:34 AM

ඉදිරියේදී මීට වඩා විපත්තිදායක දේවල් දේශීය ගොවියා ඇතුළු ශ්‍රී ලාංකික ජනතාවට සිදුවිය හැකි නිසා මේ ආකාරයෙන් හෝ ජන විඥානයක් ගොඩ නංවාගෙන රට බේරාගන්න පොදු ජනතාව පෙළ ගැසිය යුතුයි. (නි)

:       0       0

බන්දුල.පෙරේරා Wednesday, 25 June 2014 03:44 AM

විදේශ රටවල බීජ, පොහොර පමණක් ගොවියාට නොමිලයේ ලබාදෙනවා පමණක් නොව, යන්ත්‍ර සුත්‍ර කුලියට ලබා දෙන්නේ නාමික මිලක් යටතේ පමණි. මේ නිසා ගොවියාට ඉතා අඩු මිලට එළවලු වෙළද පොළට ලබා දිය හැකි අතර ,ගොවියාටද ඉහළ ලාබයක් ලැබිය හැක. (නි)

:       0       0

සෙනෙවි Wednesday, 25 June 2014 06:42 PM

මේ විෂය භාර ඇමති වරයා හැම වෙලාවෙම කුරුමාණම් අල්ලන්නෙ ගොවියාට වින කටින්නයි. රසායනික පොහොර ,කෘමි නාශක ,බීජ සමාගම් වල ඔඩොක්කුවෙ ඉන්නේ. (නදී)

:       0       0

විමල් Wednesday, 25 June 2014 07:14 AM

අැයි හෙළ උරුමය මේකට විරුද්ද නැත්තේ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 411 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site