IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක අවසන් පුර්ව වටයට එයි

උගන්ඩා’හි කම්පාලා නගරයේදී දැන් පැවැත්වෙන ‘උගන්ඩා’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කී‍්‍රඩක නිලූක කරුණාරත්න පිරිමි කේවළ ඉසව්වේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා සිටියි. අර්ධ අවසන් පුර්ව තරගයේදී ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 76 වැනි ස්ථානයේ සිටින ඊශ‍්‍රායලයේ මිසා සිල්බර්මෑන් පරදවා නිලූක (21/18, 21/16) පහසුවෙන්ම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. නිලූක නිතරගයෙන්ම දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් අතර දෙවැනි වටයේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ 119 වැනි ස්ථානයේ සිටි දකුණු අප‍්‍රිකාවේ ජෙකොබ් මලේක් පරාජය කිරීමට නිලූක (21/13, 21/8) සමත්විය. ජාතික බැඞ්මින්ටන් ශූරයා වන නිලූක ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 69 වැනි ස්ථානයේ සිටියි. අවසන් පුර්ව වටයේදී නිලූක, ලෝක ශ්‍රේණිගත කිරීමේ 68 වැනි ස්ථානයේ සිටින පෘතුගාලයේ පෙඞ්රෝ මාටින්ස් සමග තරග කිරීමට නියමිතව සිටියේය. උගන්ඩා අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම අනුව නිලූක තෙවැනි ස්ථානයේ සිටියි. උගන්ඩා අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම අනුව නිලූක තෙවැනි ස්ථානයේ සිටියි. නිලූක මෙම වසරේදී ලන්ඩන් නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ ආසන්නතම කී‍්‍රඩකයකු බවට ද පත්ව සිටියි.  



අදහස් (0)

බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක අවසන් පුර්ව වටයට එයි

නලින් සංජීව Monday, 06 February 2012 02:31 AM

ඔබ අපට ආඩම්බරයක්.. බුදු සරණයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site