රුපියල් ලක්ෂ දාහතරහමාරක් පමණ වටිනා රත්තරන් කූරු දෙකක් තම ගමන් මල්ලේ පතුලේ දාර වල සගවාගෙන ඉන්දියාවේ මදුරෙයි බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකික තරුණයෙකුට රුපියල් පනස් දහසක දඩයක් නියම කළ රේගුව එම රන් කැබලි දෙක රාජසන්තක කළේය.
සැකකරු 24 හැවිරිදි කොළඹ මරදාන ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු මීට පෙර බ‍්‍රිතාන්‍යයේ රැකියාවක් කළ අයෙකු බවද අනාවරණ වී ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ රන් කූරු දෙකෙහි බර ග‍්‍රෑම් 287 කි.
ඔහු අද මදුරෙයි බලා යාමට කටුනායක ජාත්‍යක්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත් අඩංගුවට ගත් බව රේගුව කියයි. ඔහුගේ ගමන් මල්ලේ පතුලේ රෝද සවිකරන ඇළුමිනියම් දාරයේ තිබී මෙම රන් කූරු සොයාගත් බව රේගුව කියයි.
රේගු නිලධාරින් විසින් සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ රන් පවුමක් මෙරටින් පිටකිරීම සඳහා සඳහා රුපියල් 4500 ක මුදලක් ගෙවන බව තැරව්කරුවෙකු විසින් පැවසු බැවින් එම මුදල් ලබා ගැනීම සඳහා මෙම ක‍්‍රියාව සිදු කළ බවයි.
මින් පෙර මෙවැනි දේ නොකළ බවත් මේ පළමු අවස්ථාව බවත් ඔහු රේගුවට පවසා ඇත.
මේ පිළිබඳ රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා විසින් සිදු කළ අතර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී එච්.කේ.කේ කරුණාසේකර, සහකාර රේගු අධිකාරීවරුන් වන කේ.බී.ඞී වීරසිංහ, ආර්.ඒ.එල්.වී රණතුංග, ඩබ්ලිව්.වී.එම් මධුෂංක යන නිලධාරීහු සිදු කළහ.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෑග් රෝදෙ රත්තරන්
වන් ෂොට් Thursday, 21 November 2013 01:32 PM
තබුක් සිල්වා,මේ අල්ලන රත්තරන් පසුව යකඩ කරලා පරණ යකඩ වලට විකුණනවා වෙන්න ඇති. පිළිතුරින් ඔබ සෑහිමකට පත් වුණාද? (නි)
තබුක් සිල්වා Wednesday, 20 November 2013 04:09 PM
මෙහෙ අල්ලන රත්‍රන් වලට මොකද වෙන්නෙ ? (ස)
කුමාරි Wednesday, 20 November 2013 04:11 PM
මම නම් හිතන්නෙ අපි කොපමණ මේ වගේ ප්‍රවෘත්ති ඇහුවත් ඒ අහුවෙනවට වඩා ප්‍රමාණයක් කොහොම හරි රටින් පිටවෙනවා ඇති.නැත්නම් මේ අහුවෙන විදියට තවත් මෙහෙම කරයිද?? (ස)
මිනිපෙ Wednesday, 20 November 2013 10:19 PM
අනේ මේ වගේ මෝඩයෙක්,කුරු නම් වෙන ඕන තරම් තියෙනවා හංගගෙන යන්න (ස)
දොඩන්ගොඩ Wednesday, 20 November 2013 05:34 PM
කුමාරි කියන දෙය හරි . ඔය එකක් දෙකක් අහුවන විට රේගුවේ ඇස වසා ගොඩක් යනවා එති . රෙගු නිලදාරීන් සියලුම දෙනා අවංක නැති නිසා . (අ)