බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන, බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක මිර්සා ෆකුරුල් ඉස්ලාම් අලම්ගීර් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනාට එරෙහි විරෝධතා උත්සන්න වී තිබේ.
විපක්ෂ ක්‍රියාකාරීන් සහ පොලිසිය අතරේ ඩකා අගනුවර දරුණු ගැටුම් හටගත් බවත්, ඩකා අගනුවර යුද පිටියක් බවට පරිවර්තනය වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බංග්ලාදේශ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 2024 ජනවාරියේය.
මැතිවරණය සාධාරණව පැවැත්වීමට නම්, අග්‍රාමාත්‍ය ෂීක් හසීනා බලයෙන් ඉවත් විය යුතු බව අන්තර්වාර රජයක් පිහිටුවිය යුතු බවත් විපක්ෂය බලකර සිටී.
පසුගිය සති අන්තයේ ෂීක් හසීනාට ධුරයෙන් ඉවත් වෙන්නැයි බල කරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්විණි.
එම විරෝධතා මෙහෙයවීම කළේ මිර්සා ෆකුරුල් ඉස්ලාම් අලම්ගීර් ය.
පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ රට අස්ථාවර කිරීමට උත්සාහ ගන්නවා යැයි චෝදනා නගමිනි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
බංග්ලාදේශ විපක්ෂ නායක අත්අඩංගුවට