IMG-LOGO

බංගලාදේශයෙන් ගත් ණය මාර්තුවට පෙර ඉල්ලයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව ලබන වසරේ මාර්තු මස බංගලාදේශයට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල, ශ්‍රී ලංකාව නියමිත වේලාවට ආපසු ගෙවනු ඇතැයි බංගලාදේශය බලාපරොත්තු වන බව බීඩී නිවුස් 24 පුවත් සේවය වාර්තා කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ බංගලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් මහතා අතර පැවති හමුවකින් අනතුරුව අබ්දුර් රවූෆ් මහතා මේ පිළිබඳ ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දුන් බව බීඩී නිවුස් 24 පුවත් සේවය පෙන්වා දුන්නේය .

විදේශ මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදල ආපසු ගෙවීම ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් නියමිත වේලාවට ගෙවා නිම කිරීමට නොහැකි වූ බවත් බංගලාදේශය දෙවරක් ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි ණය ගෙවීමේ කාලය දීර්ඝ කළ බවත් බංගලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වාරික තුනකින් ආපසු ලබා දීමට නියමිත බව තලුක්දර් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමග පැවති හමුවේදී ශ්‍රී ලංකාව නියමිත පරිදි ගෙවීමට ඇති දිනයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ආපසු ගෙවන බවට සහතිකයක් ලබා දුන් බව බංගලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් සඳහන් කළේය.

 



අදහස් (7)

බංගලාදේශයෙන් ගත් ණය මාර්තුවට පෙර ඉල්ලයි

Ruwan Sunday, 16 October 2022 07:50 AM

ප්‍රියමාලිට වැඩේ බාරදුන්න නම් ලංකාවෙ ඉන්න කෝටිපතියො ටික වෙලාවට ණය ගෙවන්න උදව් කරයි...හරියට අර රට වෙනුවෙන් ඉන්ධන ලබා ගන්න ඩොලර් හොයල දුන්න වගේ...

:       0       25

මෝ Sunday, 16 October 2022 09:59 AM

මොකටද බං ඔය සාකච්ඡා වලට නන්දලාලයා වගේ පෙන්දන් යවන්නේ. යවපියව් අර තිළිණි කෙල්ලව. ණය ටිකත් කපා හැරලා ඩොලර් තව බිලියන එකක් දෙකකුත් උස්සන් එනවා ශුවර්...!

:       0       1

RD Sunday, 16 October 2022 11:15 AM

පුළුවන් නම් ගන්න. දෙන්න සල්ලි නෑ.. සල්ලි ගස්වලින් කඩන්නද?

:       0       1

pakeer Sunday, 16 October 2022 11:29 AM

හොඳ වැඩේ මෝඩ බංගලියන්ට... ලංකාවට ණය දෙන්නේ මොන මී හරක්ද? 

:       0       2

fairoos Sunday, 16 October 2022 12:33 PM

නන්දසේන රටට කරපු මේ අපරාධයට නම් සොබාදහමින් පඩිසන් ලැබේවි..!

:       1       3

bamunuarachchiSunday, 16 October 2022 05:25 PM

නන්දසේන කරපු මගුලක් නැහැ.. රට ණය කලේ යහපාලන කාලේ රනිල් ගොයියයි, හම්බනඩෙයි. ඇයි සොබාදහම පඩි දෙනකම් බලා ඉන්නේ අල්ලට බැරිද දෙන්න..! දන්නා මගුලක් කතා කරන්න...

:       2       3

Bamunuarachchi Sunday, 16 October 2022 05:21 PM

ජෙප්පන් මේවාට වග කිවයුතුයි. 1989 කාලේ ලංකාවේ සිටි ආයෝජකයින් කර්මාන්තකරුවන් ලංකාව අත්හැර බංගලාදේශයට ගියේ මේ ජෙප්පන් නිසයි...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 116 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site