IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බැංකුවට සින්නවූ සුපිරි රෝහල විකුණන්න අවසර

(මනෝප්‍රිය ගුණසේකර)

රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා සින්න වු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ මහතා ඉවත් කළේය.

මෙම ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විකිණීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති ආකාරය ගැටළු සහගත බව පෙන්වා දෙමින් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් වානිජ මහාධිකරණ විනිසුරුවරයා අදාළ තහනම් නියෝගය ඉවත් කළේය.

පෞද්ගලික රෝහල විසින් හැටන් නැෂනල් බැංකුවට එරෙහිව ඉදිරිපත් කර තිබු පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව අදාළ පෞද්ගලික රෝහල විකිණීම වළකාලමින් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.

එම තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලමින් හැටන් නැෂනල් බැංකුව ප්‍රතිවිරෝධතා ගොනු කරමින් අදාළ පෞද්ගලික රෝහල ඉදිකිරීමට වැය වු මුදල් ගෙවීම සඳහා හැටන් නැෂනල් බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය මුදල් ගෙවා නැතැයි බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා පෙන්වා දුන්නේය.

පෙත්සම්කාර පෞද්ගලික රෝහල් සමාගම තම බැංකුවෙන් ලබාගත් ණය මුදල් සහ ඊට අදාළ පොළිය නොගෙවීම නිසා ණය ගැනීමේදී ඇපයක් වශයෙන් තබාා තිබු එම පෞද්ගලික රෝහල සහ ඊට අදාළ පරීශ්‍රය විකුණා ණය මුදල් හා ඊට අදාළ පොළිය අයකර ගැනීමට බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණයක් ගෙන ඇතැයි පෙන්වා දුන් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා තම බැංකුව කටයුතු කර ඇත්තේ බැංකු මඟින් ප්‍රදානය කරන ණය ආපසු අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනත (පරාටේ නීතීය) අනුව යැයිද පැවසීය.

නීත්‍යානුකූලව තම බැංකව කටයුතු කර තිබියදී අදාළ දේපළ විකුණා තම ණය මුදල හා ඊට අදාළ පොලිය අයකර ගැනීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කිරීම ගැටළු සහගත බව පෙන්වා දුන් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා අදාළ තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වු සියළු කරුණු සළකා බැලු විනිසුරුවරයා අදාළ පෞද්ගලික රෝහලක් විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය ඉවත් කිරීමට නියම කළේය.

හැටන් නැෂනල් බැංකුව වෙනුවෙන් නීතීඥවරන් වන දුමින්ද ප්‍රේමරත්න සහ ඉසුරු වීරසුරිය සමඟ නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා පෙනී සිටියේය.



අදහස් (0)

බැංකුවට සින්නවූ සුපිරි රෝහල විකුණන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 82 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 30 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site