(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහා පරිමාණ මූල්‍ය අක්‍රමිතා රැසක් සිදු වූ බවට තහවුරු වීමෙන් අනතුරුව මුද්‍රා තැබූ පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතිය යටතේ පාලනය වූ පිළියන්දල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල ඛනිජ තෙල් සංස්ථා වෙත ඊයේ (6) දින පවරා ගැනීමට කටයුතු කළ බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය
ඒ අනුව පාරිභෝගිකයන් වෙත ඉන්ධන නිකුත් කිරීම හෙට (7) දින සිට සිදු කිරීමට නියමිතව ඇතැයි ඔහු පැවසීය
වසර 30 කට ආසන්න කාලයක් ඉන්දන හල පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාරය යටතේ පාලනය වූ අතර සේවක වැටුප් ගෙවීම ඇතුළු අනිකුත් කාර්යය සඳහා විශාල ශක්තියක් එමගින් සිදු වි තිබිණි
සමුපකාර දෙපාර්තමේන්තුවේ නිසි අධීක්ෂණයක් නොවීමත් අදක්ෂ පාලනයත් හේතුවෙන් දේශපාලනඥයන්ගේ ඕනෑ එපාකම් මත ඉන්ධන පිරවුම්හල වෙත විවිධ කාල සීමාවල දී පත් කෙරුණු කළමනාකරුවන් සහ ඊට ඉහල පහල නිලධාරීන් රිසි සේ ඉන්ධන වලින් විවිධ වංචාවන් සිදුකර මුදල් ගසා කෑවද ඒවාට නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම වංචාවන් ඒ අයුරින්ම සිදු වූ බව සමුපාකාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි
ඉන්ධන හලින් විශාල වංචාවක් සිදුව ඇති බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක දර්ශන රත්නායක මහතා වෙත පැමිණිල්ලක් අනුව විමර්ශන කලමනාකාර මේජර් රංජිත් සමරසිංහ මහතා ගේ උපදෙස් මත විශේෂ කණ්ඩායමක් ඉකුත් මස 30 වෙනි දින ඉන්දන හල වෙත පැමිණ සිදුකළ මූලික පරීක්ෂාවේ දී ඉන්ධනහල් හලින් මහා පරිමාණ වංචාවක් සිදු වන බවට අනාවරණය කරගෙන තිබිණි
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝකුන්දර ඉන්ධන හල සංස්ථාවට පවරාගනී
Nimal Monday, 06 November 2023 04:56 PM
දඬුවම් නැද්ද?
Pradeep KumaraTuesday, 07 November 2023 09:21 AM
මහා පරිමාන වංචා, හොරකම් වලට අප රටේ දඩුවම් නොමැති අතර පොල් ගෙඩියක්, අඹ ගෙඩියක් වැනි දෙයක් හොරකම් කලොත් නිසි දඩුවම් ලබා දීමේ ක්‍රම වේදයක් අපට ඇත. ඒ නිසා හොරකම් කරනවානම් මෙලෙස මහා පරිමානයෙන් කරන්න ජනතාව වග බලා ගන්න ඕන.