
(තුසිත කුමාර ද සිල්වා)
වැඩි මිලට අලෙවි කිරීම සඳහා වැලිගොඩක සඟවා තිබූ ඩීසල් තොගයක් බේරුවල අබේපිටිය චාමර උයන ප්‍රදේශයේ නිවෙසකින් සොයා ගත් බව කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තබාගෙන අධික මිලට ඩීසල් විකුණන බවට පොලීසියට ලද තොරතුරක් මත එම නිවස වටලා ප්ලාස්ටික් බැරල්වලට පුරවා තිබූ ඩීසල් තොගය සොයාගෙන තිබේ.
මෙම පුද්ගලයා සතුව කිසිම වාහනයක් නොමැති බවත් ඇත්තේ පා පැදියක් බවත් ඔහු විවිධ පුද්ගලයන්ගේ වාහන රැගෙන ඉන්ධනහල් පෝලිම් වලට ගොස් කලක පටන් ඩීසල් රැස්කර මෙම ජාවාරම කර ඇති බවයි.
ඉන්ධන හලේ මිලට මෙන් තුන් ගුණයක වැඩි මිලට ඩීසල් විකිණිමේ ජාවාරම කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
ඇතැම් අවස්ථාවල ඉන්ධනහල් ඉදිරිපිට මෙම පුද්ගලයා ඉන්ධන ඉල්ලා කලහකාරීව හැසිරිණු අයකු බවත් හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.

2025 දෙසැම්බර් මස 18
561
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පා පැදියක් පමණක් ඇති පුද්ගලයකුගේ නිවෙසින් ඉන්ධන
Danger Wednesday, 27 July 2022 06:04 PM
ඊට පස්සේ ඕවට නැති දේවල් කවලම් කරලා ඒවා ලොකු මුදලක් දීලා ගහගත්තු වාහන මහ පාරෙදිම එන්ජිම නරක්වෙලා ගිනි ගන්නවා..!
UPALI Thursday, 28 July 2022 05:55 AM
ගෝල්ෆේඝ් අරගලේට වෙන්නැති ඝේවය කරන්නේ...!