(සුජිත් හේවාජුලිගේ )
කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හෝඩුවාවක් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවසීය.
එම ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විවිධ පැති ඔස්සේ දිගින් දිගටම විමර්ශන කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
පරීක්ෂණ කටයුතු සඳහා පරීක්ෂණ නිලධාරීහු කණ්ඩායම් කිහිපයක්ම යොදවනු ලැබ සිටිති.
කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇල්පිටිය දිවිතුරුගම නිවසේදී වෙඩි තබා ඝාතනය ක කෙරුණේ පසුගිය මස 26 වැනිදාය.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු රොෂාන් කුමාර මහතාට වෙඩි තබා පලා ගොස් තිබිණ.
මේ අතර එම ඝාතනය සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් දන්නේ නම් වහා ලබා දෙන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
2025 දෙසැම්බර් මස 18
335
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1002
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පී.එච්.අයි ඝාතකයන්ගේ තොරතුරක් නැහැ
Nimal Saturday, 16 March 2024 05:19 AM
බොරු කයිවාරු එපා. මේ යුක්තිය ඉටුවන ආකාරයද?
sachith Saturday, 16 March 2024 07:54 AM
නරිවාදම් රෙද්ද අස්සෙන් බේරෙනවා කියන්නේ ඕකට තමයි.
නිහාල් Saturday, 16 March 2024 10:27 AM
වෙච්චි විදියට මේ උත්තරය තමයි අපි බලාපොරොත්තු වුනේ...!
චන්දන Saturday, 16 March 2024 12:37 PM
දැන් නම් යමක් හිතෙනවා..
Rata Perata Saturday, 16 March 2024 03:48 PM
ත්‍රස්තවාදීන්ට සල්ලි දෙන්න සම්බන්ධ වුණ කෙනාගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන මිනිස්සු තමයි මෝඩයෝ...
Ruwan Sunday, 17 March 2024 05:55 AM
මිනීමරපු මිනීමරුවන්ගෙන් මීට වැඩිය සාධාරණ උත්තරයක් බලාපොරොත්තු වෙන්න බෑ. නිකමට හරි දේශපාලුවෙක් හෝ ඔවුන්ගේ වරිගයේ කෙනෙක් මැරුවෝතින් දවස් දෙකකින් කොහොම හරි මිනී මරුවන් අල්ලාගන්න පුළුවන් වෙන සිද්ධාලේප තෙන්නකෝන්ගේ පොලිසියට ඔය මිනීමැරීම කරපු අය අල්ලගන්න බැරි ඇයි කියලා මේ රටේ මිනිස්සු නම් හොඳටම දන්නවා. හිරගෙවල් ඇතුලේ තපින්න ඕන අය රටකරවන තැන්වල උන්නාම මෙහෙම දේවල් තමයි වෙන්නේ...!
Kazi Shajahan Sunday, 17 March 2024 11:07 AM
කෝ මහ බැංකු හොරා... පැනලා ගිය මනුස්සයා තාම ඇල්ලුවේ නැහැ. මොකද ඒ ගැන කතා නැත්තේ? අපේ මීඩියාවල අයත් කාගෙන්වත් ඒක අහන්නේ නෑනේ...
පිටරටවැසියා Sunday, 17 March 2024 12:46 PM
අර රක්‍ෂණ සමාගමේ සභාපතිතුමා සියදිවි හානිකර ගත්තා වාගේ පෙන්නපු විදිහට, බැරිද මේකත් වෙඩි තබාගෙන සියදිවි හානිකරගැනීමක් ලෙස වහලා දාන්න, එතකොට ඔක්කොම හරිනේ...!