IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පී.එච්.අයිලා හෙට සිට ගම්පහ දන්සල්වලට පනී

(කීර්ති ප්‍රනාන්දු  )

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම දන්සැල් හෙට ‍(5) දින සිට(7) දින දක්වා දින තුනක් පරීක්ෂා කිරීම සිදුකරන බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්. එම් .සාමබන්දු කුමාර මහතා  පැවැසීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 15 හි සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිවා රාත්‍රි දෙකෙහිම දන්සැල් සෝදිසි කිරීම  සිදු කරගෙන යන බව ද ඒ මහතා කියා සිටියි.

මේ වන විට දන්සල් පවත්වාගෙන යන සංවිධාන හා පුද්ගලයන් ඔවුන්ට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන්හි ලියාපදිංචිවෙමින් සිටින බව ද හෙතෙම කීය  .

දන්සල් පවත්වාගෙන  යා යුතු ආකාරය පිළිබඳව එම ලියාපදිංචි වන දන්සල් පවත්වන්නන් හට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් උපදෙස් ලබාදී ඇති බව පවසන සාම බන්දු මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස්  පිළිනොගෙන  මහ ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර අයුරින් පවත්වාගෙන යන දන්සල් වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන බවත්  එයටද  අවනත  නොවෙන  දන්සල් වල ආහාර  සහ එය පවත්වාගෙන යන  පුද්ගලයන්ව අත්අඩංගුවට ගෙන නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද  ඔහු වැඩිදුරටත් පැවසීය  . 



අදහස් (5)

පී.එච්.අයිලා හෙට සිට ගම්පහ දන්සල්වලට පනී

Truth Thursday, 04 May 2023 10:09 PM

දැන් ඔය දන්සැල්වල මාලු බෙදන්න පුළුවන්ද? මොකද මාලු විකුණන්න තහනම් කරලා තියෙන්නේ... කන්න තහනම් කරලා නැද්ද?

:       0       0

pakeer Friday, 05 May 2023 01:09 AM

ඇයි ගම්පහ විතරක්...?

:       0       0

samana Friday, 05 May 2023 01:24 AM

අනේ පුළුවන් නම් කොම්ඤ්ඤවීදියේ තියෙන හෝටල් ටිකට පනින්නකෝ. මම හිතන්නේ ඔයාලා පැනලා, මොනරු දැක්කහම පනින එක නවතිනවා කියලා. නහය හාරලා, පිටිපස්ස හෝදලා, මේස අතගාලා, තියෙන අත්වලින්ම කෑම අල්ලලා බෙදද්දී කොහොමද අප්පේ අපේ PHI මහත්තුරු ඒ ගැන නොබලා යන්නේ...?

:       0       0

Janaka Central Hardware Friday, 05 May 2023 06:03 AM

පෝල්මි් නැතිව සප්පායම් වෙන්න චාන්ස් එක පීඑච්අයි ලට.

:       0       0

PODDA Friday, 05 May 2023 10:50 AM

දන්සල් තියෙන්නේ අවුරුද්දකට සැරක්. නගරේ තියන හෝටල් බේකරි වල පරිසුදුකම බලන්නෙ කවුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site