IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පොලිසිය රැගෙන ගිය බුද්ධ ප්‍රතිමාව පොලිසියම තැන්පත් කරයි

(අමදෝරැ අමරජීව)

ත්‍රිකුණාමලය කොටුව පාර් ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරීය බෝධිවර්ධන දහම්පාසල් භූමියේ ස්ථාපිත කර තිබියදී මහා සංඝරත්නයේ විරෝධය මධ්‍යයේ බලහත්කාරයෙන් රැගෙන ගිය බුද්ධ ප්‍රතිමාව පොලිසිය විසින් අද (17) යළි එම ස්ථානයේ ස්ථපිත කිරිමට පොලිසිය කටයුතු කළේය.

පොලිසිය පසුව සියලු පාර්ශ්වවල එකඟතාවය මත එම බුද්ධ ප්‍රතිමාවහන්සේ එම ස්ථානයේම යළි ස්ථාපිත කිරීමට කටයුතු කළේය.

ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ යටතේ ඇති මුහුදු වෙරළට මුහුණපා තිබෙන බෝධිවර්ධන දහම් පාසල් ගොඩනැගිල්ලට මුල් ගලක් තබා තාවකාලිකව ඉදිකළ ස්ථානයක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පෙරේදා (16) පස්වරුවේ තැන්පත් කිරීමට යෑමේදී ඇතිවූ ගැටුමින් විහාරාධිපති ඇතුළු හිමිවරුන් දෙදෙනකු හා ත්‍රිකුණාමලය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇත.

තත්වය පාලනය කිරීමට ත්‍රිකුණාමලය හා කන්තලේ පොලිස් කොට්ඨාස වලින් අමතර පොලිස් බල ඇණි එම ස්ථානයට කැඳවනු ලැබූ අතර කැරලි මර්දන කණ්ඩායමක් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක්ද එම ස්ථානයේ යොදවා ආරක්ෂාව තර කරනු ලැබීය.

 



අදහස් (4)

පොලිසිය රැගෙන ගිය බුද්ධ ප්‍රතිමාව පොලිසියම තැන්පත් කරයි

දොන් සේතං Monday, 17 November 2025 04:26 PM

බලන්න තන්හාව, වෛරය ,ක්‍රෝධය තුරන් කරලා, අවිහිංසාව වඩලා සසරින් වෙන්වෙන්න කරන උත්සාහයක තරම. සාදු සාදු සාදු...

:       18       9

සංජීව Monday, 17 November 2025 04:37 PM

මිනිස්සු උද්ඝෝෂණය නොකළා නම් මේ බෞද්ධ විරෝධී ආණ්ඩුව ඔය පිළිමය මුහුදට විසි කරලා පංසල ඩෝසර් කරනවා.

:       18       24

Kule Monday, 17 November 2025 06:32 PM

ඊටපස්සේ රජයේ හෙංචයියෙකුගෙන් හෝටලයක්...

:       3       6

chamara Monday, 17 November 2025 07:14 PM

21 රැස්වීමට කවුරුවත් එන්නේ නෑ කියලා තේරුණාම ආයෙත් ඉතින් පරණ පුරුදු සෙල්ලම පටන් අරන්.

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site