IMG-LOGO

පොලිස් ලොක්කන් තුනකට ඩුබායි පාතාලයෙන් මරණ තර්ජන

(සුජිත් හේවාජුලිගේ)

පාතාල මර්දන කටයුතු වලට දායකවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ඩුබායි පාතාලයෙන් පසුගිය දිනවල මරණීය තර්ජන දුරකතන ඇමතුම් ලැබී ඇත.

පාතාලය මර්දනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් උරණවී සිටින පාතාල පිරිසක් මෙම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනාට වරින් වර දුරකථන ඇමතුම් ලබාගෙන මෙලෙස තර්ජනය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම තර්ජන සම්බන්ධයෙන් එම නිලධාරීන් පොලිස්පතිවරයාට දැනටමත් පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් තමා පෞද්ගලිකවම කරුණු විමසූ බවද ඔහු සඳහන් කළේය.

ඩුබායි සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන පාතාල නායකයන් අත්අඩංගුවට ගෙන මෙරටට කැඳවාගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය රාජතාන්ත්‍රික මට්ටමේ කටයුතුද කරගෙන යන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය ටිරන් අලස් මහතාටද ඩුබායි සිටින පාතාලයකු පසුගියදා දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කර තිබිණ.

 



අදහස් (5)

පොලිස් ලොක්කන් තුනකට ඩුබායි පාතාලයෙන් මරණ තර්ජන

uae api Friday, 11 July 2025 08:21 AM

ඔවුන් ඉන්නේ ඩුබායි නොවේ

:       0       5

යෝගා Friday, 11 July 2025 09:32 AM

ලඟදි ඉඳලා පාතාලයට මෙච්චර හයියක් ඇවිත් තියෙන්නේ ආණ්ඩුවේ ඉහලම තැන් වලින් ලොකු හයියක් ලැබෙනවා වත්ද?. විපක්ෂයේ නායකයෝ හුඟක් පරිස්සම් උනොත් හොඳයි. පරණ මිනීමරුවන්ට ඕනෑම අපරාධයක් කල හැකියි.

:       25       14

Perera Friday, 11 July 2025 09:48 AM

පාතාලේ එවුන්ව ලංකාවට ගෙනාල්ල, උන්ට තේරෙන භාෂාවෙන් කියා දීලා තමයි ප්‍රශ්න සදාහටම විසඳන්න ඕන

:       1       29

de silva Friday, 11 July 2025 11:20 AM

අපරාධ කාරයෝ එල්ලුම්ගහට නියමවෙලා හිරේ ගියත් හිරේ ඇතුලේ ඉඳගෙන ජන්ගම දුරකථන භාවිතයෙන් කරන්නෙත් මිනී මරවන එක, කප්පම් ගන්න එක, එල්ලුම් ගහට නියම වෙලා ඉන්න කුඩු ජාවාරම්, මහා පරිමාණ පාතාල නායකයින්ට නියම වෙලා තිබෙන දඬුවම ක්‍රියාත්මක කරන්න කාලය හරි, නැතිනම් තව සිය ගණනක් මැරෙනවා වසරකට මොවුන් නිසා...

:       0       4

අරවින්ද මොණරවිල Friday, 11 July 2025 02:22 PM

පාතාලයෝ හැදුව වැඩුව හා හුරතල් කෙරුව අලි සජබ පොහොට්ටු නායකයින්ගේ කසළ ශෝධකයින් දැන් වැලපෙනවා. මේ ආණ්ඩුව පාතාලයත් එක්ක සම්බන්ධකම් පවත්වනවා කියලා. ගෝනවල සුනිල්, සොත්ති උපාලි, බැද්දගානේ සංජීව, වම්බොට්ටා වගේ පාතාල නායකයෝ ඇසුරු කළ ලංකාවේ ජනාධිපතිවරුන් ගැන මේ කසළ සෝධකයින් නොදන්නා විය හැකියි.

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 259 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 784 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site