(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගමුව දුංගල්පිටිය ලෙල්ලම පොලිස් මාර්ග බාධකය හරහා පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකුට පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් අයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
තුවාල ලද පුද්ගලයා කටාන අක්කර පනහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිහක පුද්ගලයෙකි.
යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට දුංගල්පිටිය පොලිසියට ලද තොරතුරකට අනුව මාර්ග බාධකයකදී යතුරුපැදිය නැවතීමට අණ කිරීමත් සමගම එය නොනවත්වා ධාවනය කිරීමේදී එය ලොරියක ගැටී අනතුරට ලක් වී ඇති අතර එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා පලායමින් සිටියදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකදී එලෙස තුවාල ලබා ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පොලිස් අණ නොතැකූ යතුරු පැදියට පොලිසියෙන් වෙඩි