(ගයාන් සූරිය ආරච්චි)
කොළඹ දිසාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 6 වෙනි මහලේ විදුලි රැහැන් කපා තඹ කම්බි සොරකම් බව කියන පොලිස් සැරයන්වරයකු සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ග නොගෙන එම අපරාධය සැඟවීමට උත්සාහ කළ එම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ වැඩ බලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව කොළඹ දකුණා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ වැඩ තහනමට ලක් කර ඇත්තේ බම්බලපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකි.
එම සොරකම සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී පා සටහන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම සොරකම පොලිස් සැරයෙන්වරයකු විසින් සිදු කර ඇති බවට අනාවරණය කරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කර ගැනීමක් සිදුකර නොමැති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මුල් තොරතුර ලද අවස්ථාවේදීම නිසි විමර්ශනයක් සිදු නොකිරීම සහ එම අපරාධය සැඟවීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් එම වැඩ බලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනමට ලක් කළ බව පොලිසිය පවසයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොඩ්ඩා කළ වැඩේ වසන් කළ ලොක්කාගේ වැඩ තහනම්
සිසිල් සුදේශ් Thursday, 16 October 2025 09:17 AM
එතකොට හොරා? තාම යහතින් ඉන්නවද?