(අංජුල මහික වීරරත්න)
කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
කොළඹ මහ නගර සභාවේ නගරාලංකරණ ව්‍යාපෘති සම්බන්ධීකාරක ඉංජිනේරු කුමුදු බෝගහවත්ත මහතා සඳහන් කළේ කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිරිපිට තිබී ඉකුත්දා කඩා ඉවත් කළ කඩ 21ද එලෙස ජාවාරම්කරුවන් විසින් ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් බවයි.
ජාවාරම්කරුවන් විසින් එම වෙළඳසැල් වෙනත් පුද්ගලයන්ට දවස් කුලියට බදු දී තිබෙන බවට අනවරණය වී තිබෙන බවද හෙතෙම පැවසීය. අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු පළමු අවස්ථාවේදීම එය ඉවත් කිරීමට නගර සභාව පියවර ගන්නා බවයි. ෙ
මෙවැනි සංවිධානාත්මක ජාවාරම්කරුවන්ට හසු වී තම මිල මුදල් නිකරුණේ නාස්තිකර නොගන්නා ලෙස කොළඹ මහ නගර සභාව හා නාගරික සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටී.
කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිරිපස තිබූ වෙළඳසැල් ඉවත් කිරීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සම්බන්ධයෙන් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි මහතා සඳහන් කළේ මෙයට පෙර 2013 වසරේදීද මෙම ස්ථානයේ ඉදිකර තිබූ අනවසර වෙළඳසැල් 73ක් ඉවත්කර කොළඹ බැස්ටියන් මාවත හා ඒ අවට ප්‍රදේශය ජනතාවට ආකර්ෂණයක්වන ලෙසට සංවර්ධනය කිරීමට පියවර ගත් බවයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්
එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ
ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති
අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ
අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
Shashika519 Friday, 19 April 2024 08:59 AM
සාගල කියලා පොරක් පහුගිය කාලේ අනවසර වෙළෙඳුන්ට අයි.ඩී එකකුත් දුන්නා. කහඳගමගේ කියලා කෙනෙක් කඩවලින් කප්පම් එකතුත් කරනවා...
ravin Friday, 19 April 2024 09:34 AM
ඔය හැම ජාවාරමක් පිටුපසම දේශපාලුවන් ඇති බවත් සඳහන් කළා නම් තමයි වඩාත්ම සුදුසු...
manjula Friday, 19 April 2024 10:43 AM
පැමිණිල්ලක් එනතුරු බලා නොසිට පරීක්ෂා කර අවශ්‍ය දේ කිරීම නගර සභාවේ වගකීමක් යැයි මම සිතමි.
Banda Friday, 19 April 2024 02:09 PM
බොරු පම්පෝරි නැතිව ඕල්කට් මාවතේ පදික වේදිකාව දිගටම අටෝලා තියෙන වදක වෙළඳුන්ගේ අට්ටාල ටික අයින් කරමුද? මාර වදයක්... පදික වේදිකාවේ යන්න ඉඩක් නැහැ.