IMG-LOGO

පිටකොටුව-කැස්බෑව බස් වර්ජනයක්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

පිටකොටුව සිට මිල්ලෑව දක්වා  නව මාර්ග බලපත්‍රයක් ලබාදීමට විරෝධය පළ කරමින් පිටකොටුව කැස්බෑව 120 මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ අද  (25) උදෑසන සිට ධාවනයෙන් ඉවත්ව වර්ජනයක නිරත වී ඇති බව කැස්බෑව පොලිසිය පවසයි.

මේ හේතුවෙන් හොරණ කොළඹ 120 බස් මාර්ගය හරහා උදෑසන රාජකාරී සඳහා යන ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්වූහ.

කැස්බෑව පිටකොටුව මාර්ග බලපත්‍රලාභියකුට  උදෑසන 06.10 බස් රථ හිමියා පදිංචි හොරණ මිල්ලෑව සිට කොළඹ දක්වා ධාවනය කිරීමටත් පස්වරු 05.35 ට කොළඹ පිටකොටුව සිට මිල්ලෑව දක්වා ගමන් කිරීමටත් 2025.06.24 දින සිට 2025.07.08 දින දක්වා සති දෙකක කාලයක් සඳහා අත් හදා බැලීමේ පදනම මත අතුරු මාර්ග බලපත්‍රරයක් ලබාදීම මෙම වර්ජනයට හේතුව බව බස් රථ හිමියෝ පවසති.
 



අදහස් (3)

පිටකොටුව-කැස්බෑව බස් වර්ජනයක්

Sameera Wednesday, 25 June 2025 10:19 AM

ඇත්තටම සිදුවිය යුත්තේ මෙයය. කොටුවේ සිට ගම්වලට නව බස්රථ ධාවනය සදහා අවසර දිය යුතුයි

:       0       7

B Anarasinghe Wednesday, 25 June 2025 11:32 AM

මාර ලෝකයක්නේ, මොවුන්ට ගිය රට. අත්හදා බලන්නත් බෑ රජයට. කිසිම බුරුලක් දෙන්න නරකයි. මොවුන්ට ලංගම දාලා සතියක් විතර දුවවන්න ඕනේ මොනවාද කරන්නේ බලන්න...

:       0       8

Don perea Wednesday, 25 June 2025 12:26 PM

රට හදන්න දන්නේ නැති නරුමයෝ...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 161 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2273 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site