IMG-LOGO

පාසල් දෛනික කාලසටහනත් වෙනස් වෙයි

(යොහාන් භාසුර)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබන වසරේ ජනවාරි මස 1 වැනිදා සිට පාසලක කාලපරිජේදයක කාලය විනාඩි 50 ක් බවට පත්වන බවත් ඒ අනුව දැනට ඇති දිනක කාලපරිච්ජේද සංඛ්‍යාව අටේ සිට හත දක්වා අඩුවන බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාතයංශයේ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබදව පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම සඳහා අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැති හමුවකදී නාලක කළුවැව මහතා එසේ පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 2026 වසරේ ජනවාරි මස 1 වැනිදා සිට 1 සිට 6 ශ්‍රේණි මුලිකරගෙන ආරම්භ කරන බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රවේශය එම 1 සිට 6 ශ්‍රේණි මූලිකව සමස්ත ශ්‍රී ලංකාවේම ආරම්භ කරන බවත් ඒ මහතා කිය.

ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 සිට 6 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වුවත් සෙසු පන්තිවලටත් විනාඩි 50 ක දිනනකට කාලපරිච්ජේද 7 නොවෙනස්ව ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා 1 සිට 6 ශ්‍රේණිය දක්වා ගුරුවරු ලක්‍ෂයක් පුහුණුකරන අතර අධ්‍යාපන වෙනසේ සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම ගුරුවරු අත තිබෙන බවත් ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (3)

පාසල් දෛනික කාලසටහනත් වෙනස් වෙයි

pj Monday, 14 July 2025 05:55 AM

විෂයයකට වැඩි වෙලාවක් අවධානය යොමු කිරිමට සැලසිමෙන් ළමුන් හෙමිබත් වෙි.. කාල පරිඡේදයක කාලය අඩු කිරිම වෙනුවට වැඩි කර අැත.. බඩු මිළ වගේම ය.. අාණ්ඩුව සිය පාලන සමයේ කරන කියන දේ වෙනුවෙන් වග වන බව ප්‍රසිද්ධියේ පැවසුවද මෙහි දී ගුරැවරැ මත සියළු වගකීම් පටවා අැත..

:       3       2

රුවන් Monday, 14 July 2025 07:31 AM

ඇත්තටම කාර්යක්ෂම පාසල් පද්ධතියක් තියෙනවා නම් උසස් පෙළට ටියුෂන් යන්න ඕනේ නෑ .විෂය නිර්දේශය ආවරණය කරලා පසුගිය ප්‍රශ්න පත්‍ර කරලා ළමයින්ව විශ්වවිද්‍යාල වලට යවන්න පුළුවන්. ඒකෙන් මසකට එක් දරුවෙක්ට රුපියල් 10,000-15,000ක් ඉතුරු වෙනවා. සමහර දෙමව්පියන් ළමයින්ට ටියුෂන් යවන්න ණය වෙනවා පව්.

:       0       5

ගුණරත්න Monday, 14 July 2025 08:44 AM

බු හා හා මොන විකාරයක්ද ඒ? කාලපරිච්චේදයක කාලය වැඩි කරලා විෂයන් ගණන එකකින් අඩු කරලා! ඇත්තටම මේවා හදන උන්ගේ මොලේ තියෙනවද කියල බැලුවොත් වටී. මේ දෙයින් මොකක්ද අපේක්ෂා කරන්නේ? තමනුත් වැඩක් කොරා කියල පෙන්වන්නද?

:       9       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 9 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 22 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 434 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site