කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශවයන් සමග පැවැත් වූ සාකච්ඡාවෙන් පසු පළාත් අතර සංචරන සීමා පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එමෙන්ම,
- පිරිස් එක් රැස් වී කරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමටත්,
- වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැදී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත්,
- ආසාධිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම
වැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමටත් ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේනේය
කෙසේ වෙතත් එම සීමාවන් පැනවිමේදී ජන ජීවිතය අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනෙකුගේ අධිමානය ඔහුගේම විනාශයට හේතු වන බව පුුරාණ ග්‍රික කතාව දකින්නට ලැබේ .
පළාත් අතර සංචරනය නැවතුනාට පළාත්වල හැමතැනම ඕනෑතරම් කොරෝනා ආසාදිතයන් ඉන්නවා. සමාජගත වෙලා නෑ කියල, රට වටේම ගිය ගමට මොකද්ද කියා කියා. වයිරසය ආවේ කොහොමද දන්නේ නෑ .. නිරෝධායන සිස්ටම් එකත් ෆේල් .ඒමදිවට දැන් ලෙඩ්ඩු ඉන්නේ ගෙදර. කිසිම ප්‍රතිකාරයක් දෙන්න ක්‍රමයක් නෑ. හොදටම කරලා අපි වැටිච්ච තැනක්
පරක්කු වෙලා හරි ඔය තීරණය ගත්ත එක ලොකු දෙයක් .
රට පුරාම කොරෝනා පැතිරෙනකල් බලා ඉඳලා දැන් පළාත් අතර සංචරණය සිමා කරල වැඩක් තියෙනවද මහත්තයෝ මේ දවස්වල ඔබතුමා සහ ගෝලයෝ ටික අපිට ඉස්සර මහදැන මුත්තා සහ ගෝලයේ ටික නැවත නැවත මතක් කරවනවා.කොරෝනාවෙන් බැටකාල හෙම්බත්ව ඉන්න ජනතාව පොහොර නැතිව අමාරැවේ වැටිලා ඉන්න ගොවියන් වැවිලිකරැවන්ට ඉඳල හිටල හරි මේ වගේ කොමඩියක් පෙන්වලා හිනස්සන්න හදනවට ගොඩක් ස්තුතියි.
දැන් හරිම ලේස්යි නේද රට සමග පිළිසඳර පැවැත්වීමට
හැම පළාතකම කොරෝනා පැතිරුණාට පස්සේ මොන බම්බුවකටද පළාත් අතර සංචරණ සීමා?. දැන් කරන්න ඕනෙ ලොක් ඩවුන්.... පොඩි ළමයෙකුට පවා ඕක තේරෙනවා.
දැන් කෝ අර ලවුඩ්ස්පීකර් දෙක පොහොට්ටුවට කඩේ ගිය. විමලේ සහ රෑ දහවල් දෙකටම ඔබින උදය ගම්මන්පිල... ගමේ කඩපිලේ බුලත්විට හපනවද සද්ද නැතිව..? කෝ මේවට කතා කරනවා. එයිනේ ඡන්දෙ කිට්ටු වෙලා...
69 ලක්ෂය?