IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පළමු ලාංකික කොරෝනා රෝගියා රුධිරය පරිත්‍යාග කරයි

(ශාන්ත ප්‍රදීප්  කුමාර කුලරත්න)

කොරොනා රෝගය වැළදී දැනට සම්පූර්ණ සුවය ලබා නිවසට පැමිණ සිටින සංචාරක මග පෙන්වන්නෙකු වන ජයන්ත රණසිංහ මහතා තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා අද (26)  කළුබෝවිල ශික්ෂණ රෝහලට කැඳවාගෙන ගිය බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය.


ජයන්ත රණසිංහ මහතා රෝගය වැළඳී ප්‍රතිකාර ලබන කාලය තුළදී ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණයකින් පසු වීම නිසා ඔහුගේ රුධිර සෛල කොරොනා රෝගය වැළදී දැනට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනාට ලබාදීමට සුදුසු දැයි පරීක්ෂා කිරීම සඳහා ඒ මහතාගේ රුධිරය ලබාගැනීමට කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගිය බවද වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය.

රුධිරය පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් රණසිංහ මහතාගෙන්
විමසා තිබූ අතර ඒ පිළිබඳව සිය කැමැත්ත පළ කර තිබීම හේතුවෙන් ගිලන් රථයක් රෝගියාගේ නිවසට යවා ඔහුව රෝහලට රැගෙන ගිය බව වෛද්‍ය ධනුක  පද්මරාජ මහතා පැවසීය. කළුබෝවිල ශික්ෂණ රෝහලට ගොස්  පැය  දෙකහමාරකට පමණ පසුව නැවත නිවසට පැමිණි බව ජයන්ත රණසිංහ මහතා පැවසීය.

ගිලන් රථය නිවසට පැමිණ අවස්ථාවේදී කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  වෛද්‍ය ධනුක පද්ම රාජ  මහතාද එම ස්ථානයට පැමිණ සිටියේය.



අදහස් (7)

පළමු ලාංකික කොරෝනා රෝගියා රුධිරය පරිත්‍යාග කරයි

jagath Thursday, 26 March 2020 12:16 PM

ජයවේවා...

:       0       0

සමන් Thursday, 26 March 2020 12:16 PM

ජයන්ත රණසිංහ මහතානෙනි ඔබට බොහෝම පිං ... මෙම පින සැමදා නිරෝගී භාවය පිණිස හේතු වේවා...

:       0       7

Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Thursday, 26 March 2020 01:54 PM

මගෙ දෙවියනේ! හරියට සනීප වෙලා වත් නෑ. ලේ වලින් තව කෙනෙකුට ගියොත්? මෙයාල හදන්නෙ රටටම ලෙඩේ බෝ කරන්න. පරීක්ෂණ කරන්න අසරණ රෝගීන් යොදා ගැනීම හෙලා දකිමු.

:       47       0

jayalathFriday, 27 March 2020 01:41 AM

දොස් තර මහත්තයෝ වසූරි රෝගීන්ට සකස්කල එන්නතට ගත්තේ රෝගියෙකුගේ තුවාලයකින් ගත් සැරව කියල වෛද්‍ය වරයෙකුවූ ඔබ නොදැන සිටියත් මළ පොතේ අකුරවත් නොදන්නා මමත් අහල තියෙනවා.

:       0       9

Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Friday, 27 March 2020 10:09 AM

මේ වසූරිය නෙමෙයි කොරෝනා. මල පොතේ අකුරක් බැරි උන් එක්ක කතා කරන්න මට උවමනාවක් නෑ.

:       6       0

jayath Thursday, 26 March 2020 03:05 PM

dr දිල්ෂාන් ගේ දොස්තර පට්ටම හැදුවේ මොන කම්මලේද දන්නේ නැහැ . අඩු ගණනේ සයිටම් එකෙන් එලියට ආපු දොස්තර කෙනෙක් වත් මේ වගේ ගොන් කතා කියන්නේ නැහැ . convelescent plsma transfusion කියල එකක් වෛද්‍ය විද්‍යාවේ එනවා... බොරු දුර්මත දමල මිනිස්සු මුලා නොකර අඩු ගන්නේ ඒ ගැන කියවලාවත් බලන්න.

:       2       14

Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Friday, 27 March 2020 06:25 AM

සයිටම් එකේ පරිපූර්ණ වෛද්‍ය අධ්‍යාපනයක් දුන්න. අපෙ බැච් එකේ ලමයි 43න් 36 දෙනෙකුට ප්‍රථම පන්තියේ ගෞරව උපාධි තියනවා. මටත් තියනවා. ඒ නිසා සයිටම් එක විතරක් අල්ලගන්න එපා. කොරෝනා මර්දනය කරන්න බැරුව ඉන්නෙ සයිටම් දොස්තරලට නෙමේ නෙ? රජයේ වෛද්‍ය විද්යාල වලින් ආපු දොස්තරලට නේ?

:       27       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31437 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13710 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11040 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1054 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 291 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site