ශ්රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී අද (27) පැවැත්වේ. ශ්රී ලංකා පිල ඊයේ (26) පෙරවරුවේ රංගිරි දඹුල්ල ක‍්‍රීඩාංගණයේදී අවසන් පුහුණු සැසියට සහභාගි විය. පුහුණු සැසියෙන් පසුව ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු රොමේෂ් කළුවිතාරණ මහතා පැවසුවේ තමන්ට බැලූ බැල්මට පෙනෙන්නේ මෙම තණතීරුව සමබර එකක් බවත් ඒ වගේම ද`ග කැවීමක් බලාපොරොත්තු විය හැකි බවත්ය. සුළග තිබුණොත් පන්දුව දෝලනය වෙන්නත් පුඵවන් නමුත් අපේ දග පන්දු යවන්නන් වඩාත් හොදයි, ඒ නිසා අපිට වැඩි වාසියක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා” යැයි කඵවිතාරණ මහතා වැඩි දුරටත් පැවසීය. මෙම තරගය රංගිරි දඹුල්ල ක‍්‍රීඩාංගණයේදී වසරකට වැඩි කාලයකට පසුව පැවැත්වෙන තරගයක් වීම කැපී පෙනේ. මෙම ක‍්‍රීඩාංගණයේ අවසන් වරට 2010 වසරේ අගෝස්තු මස 28 දින ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයක් පැවැත්විණි. මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු කළුවිතාරණ මහතා පැවසුවේ ශ්‍රී ලංකා පිලට සත්කාරත්වයේ වාසිය අහිමිවන බවයි. ‘‘දඹුල්ල ක‍්‍රීඩාංගණයේ අපි මෑතකදී ක‍්‍රීඩා කර නොමැතිවීම නිසා සත්කාරක රට ලෙස අපිට එම වාසිය නෑ. නමුත් අපි ඒකම අභියෝගයක් ලෙස බාර ගන්නවා’’ යැයි කළුවිතාරණ මහතා වැඩි දුරටත් පැවසීය. එංගලන්ත පිලේ නායක ජේම්ස් ටේලර් පවසන්නේ ශ්‍රී ලංකාවේ තණතීරුවල තත්ත්වය තම රටට වඩා වෙනස් වන බවත් ශ්‍රී ලංකා පිලෙන් තම කණ්ඩායමට හොඳ අභියෝගයක් යොමු වියහැකි බවත්ය. එංගලන්ත එක්දින පිල නියෝජනය කළ ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරු ක්‍රෙග් කීස්වෙටර්, ජේඞ් ඩර්න්බැච්, ජේම්ස් ටේලර්, ජොනී බෙයාස්ටෝ, ස්කොට් බෝත්වික්, ස්ටුවට් මීකර්, සමිට් පටෙල් සහ ක‍්‍රිස් වෝක්ස් යන ක‍්‍රීඩකයන් අට දෙනා මෙම තරගාවලියට සහභාගි වන එංගලන්ත ‘ඒ’ පිලට ඇතුළත්ව සිටිති. දෙවැනි තරගය අනිද්දා (29) දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වේ. ශ්රී ලංකා ‘ඒ’ සංචිතය තිළිණ කණ්ඩම්බි (නායක), දිමුත් කරුණාරත්න (උප නායක), මහේල උඩවත්ත, මලින්ද වර්ණපුර, භානුක රාජපක්‍ෂ, ධනුෂ්ක ගුණතිලක, අෂාන් ප‍්‍රියංජන්, කුසල් ජනිත්, සීක්කුගේ ප‍්‍රසන්න, සුරාජ් රන්දීව්, මාලිංග බණ්ඩාර, නුවන් ප‍්‍රදීප්, කෝසල කුලසේකර, කනිෂ්ක ඇල්ටිවිගල සහ තිළිණ තුෂාර මිරැන්ඩෝ එංගලන්ත ‘ඒ’ සංචිතය: ජේම්ස් ටේලර් (නායක), ජොනී බෙයාස්ටෝ, ස්කොට් බෝත්වික්, ඩැනී බි‍්‍රග්ස්, ජැක් බෲක්ස්, නේදන් බක්, ජොස් බට්ලර්, ජේඞ් ඩර්න්බැච්, ඇලෙක්ස් හේල්ස්, ක්‍රෙග් කීස්වෙටර්, ස්ටුවට් මීකර්, සමිට් පටෙල්, ජෝ රූට්, ජේම්ස් විනිස් සහ ක‍්‍රිස් වෝක්ස්
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පළමු එක්දින තරගය අද දඹුල්ලේදී