එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් දෙදෙනකු ලබන අපේ‍්‍රල් මස අගදී මෙරට නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
ස්වාධීන විනිසුරුවරුන් සහ නීතීඥවරුන් සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ සහ වධහිංසා, අමානුෂීක හෝ පිළිගත නොහැකි දඬුවම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජුආන් මෙන්ඬේස් ලබන අපේ‍්‍රල් 29 සිට මැයි 07 දා තෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිතැයි කියති.
මෙරට ප‍්‍රතිසන්ධාන හා වගවීමේ රජයේ ක‍්‍රීයාවලිය සඳහා විශේෂ නියෝජිතයින් දෙදෙනා සහාය දක්වනු ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ විනිසුරුවන් හා නීතීඥවරුන් ප‍්‍රමුඛ අධිකරණ ක්ෂේත‍්‍රයේ ස්වාධීන ක‍්‍රියාකාරීත්වයට සිදුවූ බලපෑම් හා උල්ලංඝනයන් පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇතැයි පැවසේ.
ජුආන් මෙන්ඬේස් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයින්ගේ විශේෂ උපදේශකවරයෙකු වශයෙන්ද ,2010/2011 කාලයේදී ජාත්‍යන්තර නීතීඥ සංගමයේ සම සභාපතිවරයෙකු වශයෙන්ද කටයුතු කර තිබේ.
මොනිකා පින්ටෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරිනියකි.
ඇය 2013/2015 කාලයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ උපදේශක මණ්ඩලයේ සේවය කළාය.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළපුරුදු ජගත් නියෝජිතයෝ දෙන්නෙක් ලංකාවට
කලණි විතානගේ Sunday, 28 February 2016 03:10 PM
හොඳ හිතින්ද? නැත්නම් තද හිතින්ද? (නි)
අමා Sunday, 28 February 2016 03:22 PM
කසකාරයෝ එනවා වගෙයි පෙරහැර පසුවට (නි)
සනත් Monday, 29 February 2016 02:28 PM
ජනතාවගේ ඡන්දය නම් ගත්තා. දැන් කරන්නේ මොනවාද? (නි)
අරුණ Monday, 29 February 2016 05:31 AM
අනේ මන්දා රොටිය කරවිය (බ)
ලලිත් Sunday, 28 February 2016 11:26 PM
ඒ කියන්නේ මෙච්චර කාලයක් අවේ ගියේ බට්ටෝද? (අ)
කලණි විතානගේ Monday, 29 February 2016 01:07 AM
අපේ රට අනතුරකට පත්කරන්න නොවෙයි නේද එන්නේ? (නි)
රොහාන් දයාදර Monday, 29 February 2016 01:52 AM
අපොයි! මොවුන් තමයි අපේ රට මුලින්ම අල්ලාගත්තේ. (නි)
නිමල් ලාලිත Monday, 29 February 2016 02:19 AM
ඇත්තටම මේ රටේ ඇත්ත සාධාරනය හඳුනා ගතහැකි බුද්දිමතුන් නැද්ද? මැතිවරණයට පෙර පැවැසුවේ මේවාද? සෝභිත හිමි නැතිබැවින් ඉතුරු කට්ටියවත් මේවාට උත්තර දෙනවාද? දැන් මේ රටේ තියෙන්නේ විදේශිය පදයට නැටවෙන රජයක්ද? (නි)