(අංජුල මහික වීරරත්න)
පොලොන්නරුවේ ගොවීන්ට යුරියා පොහොර මිල දී ගැනීම සඳහා ලබා දී ඇති වවුචර්පත් වලට හෙට (13) සිට එම පොහොර මිල දී ගතහැකි බව රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.
පොලොන්නරුවේ ගොවීන්ට වී වගාව සඳහා පොහොර මිල දී ගැනීමට නිකුත් කරන ලද වවුචර්පත් වලට මෙතෙක් යුරියා පොහොර මිල දී ගැනීමට නොහැකි වු බව ගොවි සංවිධාන නියෝජිතයන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබිණි.
එම වවුචර්පත් වලට යුරියා පොහොර හෙට දින (13) සිට මිල දී ගත හැකි වන පරිදි පොලොන්නරුව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත පොහොර ලබා දීමට කටයුතු යොදා ඇතැයි ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කරයි.
මේ වනවිට කොළඹ වරායට පැමිණ තිබු යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් සහිත නැවේ පොහොර ගොඩ බෑම අද (12) පස්වරුවේ සිට ආරම්භ කෙරුණු බවත් ඊයේ (11) පැවැති අධික වැස්ස හේතුවෙන් පොහොර ගොඩබෑමේ කටයුතුවලට බාධා එල්ල වී තිබූ බවත් පොහොර සමාගම් සභාපතිවරයා පවසයි.
වර්ෂාව නිසා පොහොර බහාලුම් (Hatcheries) විවෘත කිරීමට හැකියාවක් නොවු බව ද සභාපතිවරයා අවධාරණය කළේය.
2025 දෙසැම්බර් මස 18
538
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
271
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොළොන්නරුවේ ගොවීන්ට පොහොර ගැන සුබ ආරංචියක්