IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පළාත් සභා හිටපු මහජන නියෝජිතයෝ 116කගේ සහය ජනපතිට

(අංජුල මහික වීරරත්න)

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු  මහජන නියෝජිතයන් 116ක් ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ජනාධිපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු මහජන නියෝජිතයින් සමඟ පැවති හමුවකදී මහජන නියෝජිතයෝ මේ බව කීහ.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බවයි.

පළාත් ආණ්ඩු 9ක සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 ඔස්සේ ඉදිරියේදී රටම සංවර්ධනය කරා මෙහෙයවන බවද ජනාධිපතිවරයා කීය.



අදහස් (3)

පළාත් සභා හිටපු මහජන නියෝජිතයෝ 116කගේ සහය ජනපතිට

Bunny Preena Wednesday, 31 July 2024 04:29 PM

අවුරුදු 47ක් නිදාගෙන ද හිටියේ

:       6       5

Kamal Koyrala Wednesday, 31 July 2024 06:11 PM

කට්ට්ය එකතු කරන සුවඳින් කියලා ගොඩ ගිහින් ඊළඟ ඡන්දෙදී සහයෝගය දුන් අයට ඡන්දෙ ඉල්ලන්නත් පකෂයක් හොයා ගන්න වේවි..!

:       2       3

shantha Wednesday, 31 July 2024 06:29 PM

ඔවුන්ගේ ඡන්ද 116 ක් ලැබුණට රටේ ජනතාව මාලිමාවට. ජාතික ජනබලවේගයට ජයවේවා...!!

:       4       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site