IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


පළාත් සභා ලොක්කන්ගේ දීමනා කපයි

(අජන්ත කුමාර අගලකඩ)

පළාත් සභාවල සභාපතිවරුන්ගේ වාහන සහ ඉන්ධන, දුරකථන ඇතුළු දීමනා සීමා කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා වන විශේෂ චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සියලුම ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ ආණ්ඩුකාර ලේකම්වරුන් වෙත යවනු ලැබ ඇත.

ඒ අනුව පළාත් සභාවල සභාපතිවරයකුට එක් නිල වාහනයක් පමණක් වෙන් කෙරෙන අතර, ඒ සඳහා මාසික ඉන්ධන දීමනාව ලෙස ඉන්ධන ලීටර් 150ක් හිමිවනු ඇත.

ඉන්ධන දීමනාව , වෙළඳපොළෙ පවතින ඉන්ධන මිල ගණන් අනුව තීරණය කෙරේ.

මේ අතර, දුරකථන දීමනාව ලෙස ,කාර්යාලයේ දුරකතනය සඳහා මසකට රුපියල් පන්දහසක් ද,නිවසේ සහ ජංගම දුරකථනය සඳහා මාසිකව රුපියල් 2,500 බැගින් ද හිමි වනු ඇත.

පළාත් සභාවල සභාපතිවරුන් සඳහා මීට පෙර වාහන දෙක තුනක් මෙන්ම ඉන්ධන හා දුරකථන දීමනා මීට වැඩි ප්‍රමාණයක් හිමි විය.

පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන මෙම දීමනා සීමා කර ඇත.

පළාත් සභාවල නිල කාලය අවසන් වුවද ,මීළඟ පළාත් සභාව රැස්වන තෙක් සභාපතිවරයාගේ ධුරය බලාත්මක වනු ඇත.



අදහස් (10)

පළාත් සභා ලොක්කන්ගේ දීමනා කපයි

Kumar (Gulf) Saturday, 01 October 2022 12:14 AM

Now they will rob much more, and will take bigger bribes.

:       0       22

NimalSaturday, 01 October 2022 06:06 PM

පළාත් සභාවල සභාපතිවරයකු විසින් කරනාවූ සේවය / රාජකාරිය කුමක්ද කියා ජනතවට පැහැදිලිකිරීමක් කරන්න.

:       0       10

Perera Saturday, 01 October 2022 12:54 AM

ඔය පළාත් සභා අහෝසි කරලා දැමිය යුතුයි.

:       0       35

Sthyagith Saturday, 01 October 2022 02:47 AM

Not only politicians, it should be limited official vehicles usage of all the government officers including three forces and police too. It is a well known fact how wives are miss-using official vehicles and government resources that their husbands given.

:       0       6

Dul Saturday, 01 October 2022 04:38 AM

ඉතාමත් හොද තීරණයක්!

:       1       7

Demuni Uduwara Saturday, 01 October 2022 04:39 AM

This should be extended to the Legislature too !

:       0       4

C.K.Lankaputhra Saturday, 01 October 2022 05:34 AM

කරන හොරකම් සීමා කරන්න අදහසක් නැද්ද?

:       1       27

ගමේ එකාලා Saturday, 01 October 2022 02:08 PM

පළාත් සබා නමට විතරයි,කිසිම වැඩකට නැහැ..ඉන්න අයත් නිකම් ඉන්දන් වරප්‍රසාද බුක්ති විදින එකයි කරන්නෙත් ?

:       0       0

අබිලින් Saturday, 01 October 2022 03:56 PM

මෙහෙම ගෙවන්නෙ තියෙන නීතියක් නිසා .ඒවා හදල තියෙන්නෙ ගෝල බාලයින්ට ජනතා මුදල් කෑමට .කිසිම වැඩක් නොකර මෙහෙම ගෙවීම් දූෂණ වලට ගන්න පුළුවන් මෙම අනවශ්‍ය වියදම් වහාම අහෝසි කල යුතුය රටේ විශාල පිරිසක් කුසගින්නේ හා මන්දපෝෂණයෙන් සිටිද්දී මෙලෙස ගන්නා මුදලින් යැපෙන්නන්ට සතර අපායේ දොරටු විවරවේවා.

:       0       11

Bunny Preena Tuesday, 04 October 2022 09:25 AM

මේක නම් මහම මහ අපරාදයක්. මේව නීතිගත කරල දාල ගසා කෑම සහ මහජන මුදල් අවභාවිතයන්. කිසිම හිරිකිතයක් නැතුව මෙගොල්ලො මුහුන උස්සගෙන පාරෙ යනව එනව.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 486 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 225 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 489 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1399 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 833 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 867 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1434 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1622 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site