IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


පළාත් සංචරණ සීමා තවත් සති දෙකකින් දිගු කෙරේ: සීමා කීපයක් ඉවතට

(සුජිත් හේවාජුලිගේ )

කොරෝනා පාලනය සඳහා පනවා තිබූ පළාත් අතර සංචරණ සීමා තවත් සති දෙකකට දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .

මේ අතර කොවිඩ් පාලනය සඳහා පනවනු ලැබ තිබූ තවත් සීමා කීපයක් රජයේ විසින් ලිහිල් කරනු ලැබ ඇත.

මේ අනුව පූජනීය ස්ථාන විවෘත කිරීමට අවසර ලැබෙන අතර මංගල උත්සව පැවැත්වීමටද අවසර හිමිවේ .එහෙත් මංගල උත්සව පැවැත්විය හැක්කේ උපරිම සංඛ්‍යාව ලෙස එකසිය පනස් දෙනෙකු සම්බන්ධ කරගෙන පමණි. මංගල උත්සව සභාවල තිබිය හැකි උපරිම ආසන සංඛ්‍යාව වන්නේ මුළු ආසන සංඛ්‍යාවෙන් සියයට 25 කි.

එසේම ඇවිදීමේ මංතීරු ,ආහාර පිටතට ගෙන යන අවන්හල් හා පිහිනුම් තටාක යනාදී ස්ථාන විවෘත කිරීමටද අවසර හිමි වී ඇත.

කෙසේ වෙතත් කැසිනෝ ,රාත්‍රී සමාජ ශාලා සහ ඔට්ටු මධ්‍යස්ථාන තවදුරටත් වසා තැබිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.



අදහස් (12)

පළාත් සංචරණ සීමා තවත් සති දෙකකින් දිගු කෙරේ: සීමා කීපයක් ඉවතට

bandara Saturday, 10 July 2021 10:23 AM

හැම පළාතකම ලෙඩ්ඩු ඉන්නකොට සහ අලුතින් හමුවෙනකොට පළාත් අතර සංචරණ සීමා දාල වැඩක් නෑ. කලා කරුවන්ට මංගල උත්සවවල සින්දු කියන්න අවස්ථාව දෙන්න ගිහින් ආයෙත් 4 වන රැල්ල පටන්ගන්නයි යන්නේ. රටේ සමස්ත අවශ්‍යතාවය ඉක්මනින් කොවිඩ් තුරන් කිරීම. මේ තීරණ නිසා කොරෝනා මර්දනය තවත් කල් යනවා.

:       51       147

සමන්තSunday, 11 July 2021 07:22 AM

කොරෝනා මර්දනය කරන්න අවශ්‍ය පියවර ගතයුත්තේ මිනිසුන් නැතිව රජය නෙමේ. මිනිසුන්ගේ හැදියාව හොඳ නම් කොරෝනා මර්දනය කිරීමට හැකියි. ඔබතුමා කියන විදියට කළොත් අප වැඩ කරන ආයතන වල සේවකයින්ට පඩි ගෙවන්නේ ඔබතුමාගේ සාක්කුවෙන්ද? කොරෝනා කිය කියා හිටියොත් කන්න බොන්න නැතිව මන්දපෝෂණය නිසා මිනිසුන් මැරිලා යයි. කන්න බොන්න දේවල් තිබ්බාට ගන්න සල්ලි නැත්නම් මොනවා කරන්නද? මේ කරපුු දේ හරි. මිනිසුන් දැනගන්න ඕනේ හරි විදියට ජීවත් වෙන්න. බස් එකේ තෙරපිලා යන්න එපා කියද්දී මිනිසුන් නගිනවා බස් එකට මේ වෙලාවට දඩ ගන්න ඕනේ හිරවෙලා යන මිනිසුන්ගෙන්... එතකොට තමයි නිවැරැදි දේ කරන්න මිනිසුන් කටයුතු කරන්නේ....

:       0       32

දිසා......ගම්පහ. Saturday, 10 July 2021 11:24 AM

පොදු ප්‍රවාහන සේවාවන්ගෙන් එක් පළාත් සීමාවකට පැමිණ අනෙක් පළාත් සීමාවට පා ගමනින් ගොස් එතැන් සිට යළිත් පොදු ප්‍රවාහන සේවාවන්ගෙන් ගමන් ගැනීමට හැකි නම් මේ පළාත් සංචරණ සීමාවෙන් ඵලක් වේද? මන්ද කොරෝනා ව්‍යාප්තිය ප්‍රවාහන සේවාවන්ගෙන් නොව මිනිසුන්ගෙන් සිදුවන බැවිනි.

:       0       34

මැක්ස් Saturday, 10 July 2021 11:26 AM

අපට අපේ ගම්වලට ගිහිං එන්න බැරිදෝ?

:       0       28

C.K.Lankaputhra Saturday, 10 July 2021 11:27 AM

එතකොට සර්ලා ස්පා අරිනවා නේද? එහෙම නං තැන්ක්යූ සර්ලා.

:       0       39

Kodi Saturday, 10 July 2021 12:09 PM

ළමුන් 25කට අඩු ටියුෂන් පන්ති කරන්න දෙන්න... අද ටියුෂන් ගුරුවරු (කුඩා පරිමාණ) අන්ත අසරණ තත්වයකට පත්ව ඇත. මේ ගැන වහාම අවධානය යොමු කරන්න. රටට බරක් නොවූ උගතුන් විශාල පිරිසක් මෙහි සිටී...

:       96       6

Koka Saturday, 10 July 2021 01:07 PM

ඒක හොඳයි... පළාත් අතර සීමා ඉවත් කළොත් උදලු උස්සගෙන කට්ටිය ලබන සතියේ කොලඹ එනවනේ...

:       2       173

Asliya Saturday, 10 July 2021 01:24 PM

සර්ල කොහොමත් වහලා අරින්න දක්ෂයි..

:       33       146

මහසෙන් Saturday, 10 July 2021 03:01 PM

පළාත් අතර සංචරණ සීමාකෙතරම් දුරකට සාර්ථක ද යන්න දන්නෝ දනිති. රටම විවෘත කරන්න. දැන් කොහොමත් එකයි. බොරුවෙන්ම ජීවත් වෙලා බොරුවෙන් ම මැරිලා යන ජාතියක් අපි...!!! 

:       0       207

සෙනවි Saturday, 10 July 2021 04:44 PM

ජනතා උද්ඝෝෂණ මැඩලිය හැකි එකම යාන්ත්‍රණය සංචරණ සීමා පැනවීම බව හොඳට පැහැදිලියි.

:       0       79

de silva Saturday, 10 July 2021 08:05 PM

කරුණාකර ඔය මංගල උත්සව සහ ඇඟලුම් කම්හල් වැනි කොරෝනා තවාන් වසාදමන්න.

:       3       142

සමනතSunday, 11 July 2021 07:25 AM

ඔබතුමා ද ඒ අයගේ පවුල්වල අය⁣ට කන්න බොන්න දෙන්නේ? එහෙම කරනවා නම් වසා දැමුවාට කමක් නෑ. ඔබතුමාගේ ලිපිනයද සඳහන් කරන්න.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 479 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 627 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 838 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 243 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1449 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 585 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1176 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site