(ඩී.ජී.සුගතපාල)
උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවලට යාම සඳහා ඉන්ධන නැතැයි පවසමින් අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයිමේ රාජකාරි කටයුතුවලට පැමිණෙන ගුරුවරු පිරිසක් අද (18) උදේ ගාල්ල කොටුව සවුත්ලන්ඩ්ස් විදුහල අසළදි උද්ඝෝෂණයක් ඇරැඹුහ.
ගාල්ලේ විදුහල් තුනක උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවල ගුරුවරු එකසිය පනහකට ආසන්න පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
ඔවුන් කියා සිටියේ තමන්ට උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවලට ඒමට ඉන්ධන නොමැති බවත් මේ තත්වය තව දුරටත් පැවතුනහොත් සාමාන්‍ය පෙළ ප්‍රතිපල පමාවි අධ්‍යාපනයද අවුල් ජාලයක් වනු ඇති බවත්ය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පිළිතුරුපත් බලන්න යන්න තෙල් ඉල්ලා ගුරුවරු මහපාරේ
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 18 June 2022 11:11 AM
රටකට ගිය කලක්.. බැරි දේ කරන්නට ගොස් රට වැට්ටුවා හොඳටම ඇති. දැන් හෝ රාජපක්ෂ පවුල් පාලනය අවසන් වේවා..!!!
JAYASEKARA Saturday, 18 June 2022 12:33 PM
ඇත්ත කතාව. නමුත් ස්ටාලින්ලාට... මේකෙන් තවත් උද්යෝගයක් වෙන්න පුළුවන්. ස්ට්‍රයික් කරන්න මාතෘකා නැතිව ඉන්නේ...
බද්රානි Saturday, 18 June 2022 02:31 PM
ඒ වුණාට ඉතින් අපේ ළමයි වගේද පාලකයින්ගේ මුර කරුවන්ගේ වාහනවලට ඉන්ධන ගහන එකට නේද ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ..? ළමයින් ගේ උත්තර පත්‍ර බැලුවා වගේද පාලකයින්ව මුරකරන එකනේ අත්‍යාවශ්‍ය සේවා කියන්නේ මේ රටේ...?
මැක්ස් Saturday, 18 June 2022 03:23 PM
කොරෝනා කාලේ රටට අඩ තියපු ප්‍රමුඛ පිරිසක් තමයි ගුරුවරු... මේ මොන විහිළුවක් ද? තෙල් නැත්තන් මවලා දෙන්නද? කිසිම කැප කිරීමක් කරන්නට අකැමැති, මස් රාත්තලම ඉල්ලන මෙයාලා දෙවැනි වෙන්නේ අර අන්තරේ කියන කඩාකප්පල්කාරී සංවිධානයට විතරයි...
SL Saturday, 18 June 2022 03:26 PM
මටත් කාර් එකක් තියෙනවා පෙට්‍රල් ගහන්න සල්ලිත් තියෙනවා. නමුත් මම දැන් වැඩට යන්නේ එන්නේ දුම්රියේ හෝ බස් එකේ... මමත් කොම්පැනියක ඉහළ නිලයක් දරන කෙනෙක්... ගුරුවරුන්ට වැඩට යනකොට පොදුවාහනවල යන්න බැරිද?
Bamunuarachchi Saturday, 18 June 2022 03:27 PM
රටේ මෝඩ හැත්ත කෑගහනවා... ඉවසන්න පුළුවන් මේ ගුරුවරුන්ට තේරෙන්නේ නැද්ද රටේ තෙල් නැහැ. රටේ නැති මගුලක් කොහෙන් දෙන්නද? උත්තරපත්‍ර බලන්න යන්න බැරිනම් බැහැ කියලා වෙන දෙයක් කරන්න. ළමයි පාසල් නොගිහින්ම ඉන්නේ. ඔබලා මාස ගණන් උද්ඝෝෂණය කරනකොට ඔය උත්තර පත්තර බලන අමාරුව තිබුණේ නැහැ නේද? කෝ ජෙප්පන් නැද්ද ඔබලාට පැට්‍රල් දෙන්න.
චමින්ද Saturday, 18 June 2022 08:06 PM
බමුණා බලන්නෙ 69 ලක්ෂය 96ක් කරගන්න කියලා පේනවා. නැත්නම් අධ්‍යාපනය කඩාවැටීම සතුටක් කරගන්නේ නැහැනේ... එහෙම නේද බමුණෝ..!
BamunuarachchiMonday, 20 June 2022 08:32 AM
එතකොට මාස ගනනක් ගුරාලා වර්ජනය කරන කාලේ අධ්‍යාපනය කඩාවැටීම ගොබ්බයින්ට පෙනුනේ නැද්ද? දැන් අද්‍යාපනය කඩා වැටෙන්නේ රටේම ආර්ථිකය කඩා වැටුන නිසයි. ඒදවස්වල අද්‍යාපනය කඩා වටුනේ ගුරුසේවයේ හිටපු ජෙප්පෝ නිසයි. ජෙප්පෝ රටේ අධ්‍යාපනය කඩා වට්ටනකොට සතුටු වෙච්ච ඔබ වගේ මිනිස්සු හිටියා. නැද්ද අම්මපා.
saman Saturday, 18 June 2022 03:35 PM
ඉතින් මේ ගුරුවරුන්ට බස්වල යන්න බැරිද? අපි ඉස්කෝලෙ යන කාලේ ගුරුවරුන්ට වාහන තිබ්බේ නෑනේ..?
කොස්තැපැල් Saturday, 18 June 2022 04:16 PM
ඉන්ධන දෙන්න බැරිනම් ප්‍රවාහන පහසුකම් සලසන්න. ඉන්ධන ගැනීමට පෝලිමේ සිටින සමහරක් අය දොස්තරවරුන්ටවත් ඉන්ධන ගන්න දෙන්නේ නැහැ. ඒ ගැන කිසිවකු බලන්නේ නැහැ. පොලීසියේ උන්දැලා තමයි අත්‍යාවශ්‍යම සේවය කියලා ඉන්ධන ගන්නවා. දවාලේ එක කොස්තාපල් කෙනෙක් ගැහැණියකට ඉන්ධන පෝලිමෙන් පිටින් දීලා මිනිස්සු කුලප්පු වෙලා දැක්කේ රූපවාහිනී පුවතක් මගින්...
Chinthaka Saturday, 18 June 2022 04:40 PM
මේ ගුරුවරුන්ට බස්වල යන්න බැරි ඇයි...?
Roshan Saturday, 18 June 2022 07:01 PM
මේ අයට උද්ඝෝෂණය කරන්න පුළුවන්... වැඩ කරන්න තමයි වෙලාව නැත්තේ...