(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පසුගිය වසර තුනේදී දුම්රිය (ගමන් වාර) 171ක් ප්‍රමාදවී ධාවනයවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවිය.
මේ අනුව දුම්රිය ගමන් වාර 46 ක් ගිය වසරේද දුම්රිය ගමන් වාර 61 ක් 2023 වර්ෂයේද දුම්රිය ගමන් වාර 64ක් 2022 වර්ෂයේද ප්‍රමාදවී ධාවනයවී ඇති බව කමිටුව පවසයි
දුම්රිය අවලංගුවීම හේතුවෙන් සිදුවන දෛනික පාඩුව සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙස කෝපා කමිටුව නිර්දේශ කළේය
එසේම එක් එක් දුම්රියට අදාල ආදායම් වියදම් වාර්තාවක් සකස් කරන ලෙසත් දෛනිකව සිදුවන දුම්රිය ප්‍රමාදවීම් සහ ඒවා වලක්වා ගැනීමට ගන්නා පියවර පිළිබඳ වාර්තාවක් අමාත්‍යංශයට ඉදිරිපත් කරන ලෙසත් කමිටුව උපදෙස්දී ඇත.
මෙසේ නිර්දේශ ඉදිරිපත් කෙරුණේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (05) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් ප්‍රමාණවත් නොවීම පිළිබඳව කමිටුවේ අවධානය යොමුවිය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පහුගිය වසර තුනේදී කෝච්චි 171ක් ඉබි ගමන් ගිහින්