
(අංජුල මහික වීරරත්න)
වසර ගණනාවක් පොහොර මිල දී ගැනීම වෙනුවෙන් පෞද්ගලික පොහොර සමාගම්වලට නොගෙවා තිබු රුපියල් මිලියන 29000ක හිඟ ණය මුදල් සියල්ල රජය විසින් මේ වනවිට ගෙවා අවසන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පොහොර සමාගම් වලට හිඟ මුදල් වශයෙන් ගෙවීමට තිබු නිසා බොහෝ සමාගම් මුල්‍යමය වශයෙන් දුර්වල තත්ත්වයකට මුහුණ දෙමින් සිටි නිසා අදාල මුදල් ගෙවීමට ජනාධිපතිවරයා තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය.
ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම, ගොවි ජනතාවගේ ආදායම් මට්ටම ඉහල නැංවීම හා තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශනය කර ගැනීම ඉලක්ක කරමින් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වශයෙන් දිවයිනේ ගම්මාන 160ක් සංවර්ධනය කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇතැයි අමරවීර මහතා කීය.
මේ සදහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1600කි. මේ අනුව එක ගම්මානයකට පළමු අදියර යටතේ රුපියල් මිලියන 10ක් මුදලක් බැගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී ඇතැයි අමාත්‍යවරයා කීය.
තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහනෙහි ප්‍රගතිය සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොහොර සමාගම්වලට පොලු තබා තිබූ මිලියන 29000ක් ගෙවයි
Hafeel Monday, 22 July 2024 04:00 PM
ඔයාලා එදා 2109 ජනාධිපතිවරණ පොරොන්දු පරිදි ගොවීන්ට නොමිලේ පොහොර දීලද එම පොහොර සමාගම් මුල්‍යමය වශයෙන් දුර්වල තත්ත්වයකට පත් වුනේ? එදා බොරු පොරුන්දු දීල බලයට එවින්, ගොවීන්ව රැවට්ටුවා. ජනතාවට මේවා අමතක නොවේ.
Lalla Monday, 22 July 2024 04:46 PM
එතකොට ඒ සමාගම්වලට නොගෙවූ කාලය සඳහා පොලිය.. ඒවා කාගේ සාක්කුවටද?
මැතිසබේ ලිලිපුට් Monday, 22 July 2024 05:32 PM
තමාට හිමි රාජකාරිය අනලස්ව ඉටුකරන විරල ගණයේ ගරු ඇමැතිතුමාට චිරං ජයතු...!
අරවින්ද මොනරවිල Monday, 22 July 2024 06:13 PM
අමරවීරගේ කුස්සියේද වැඩ?
fairoos Monday, 22 July 2024 05:39 PM
කෘෂි ඇමැතිගේ සහෝදර සමාගමටද ගෙව්වේ?