යාපනය කෝපායි නීර්වෙලි හිදී සිය මවගෙන් පහර කෑමට ලක්වූ දැරිය කෝපායි පොලීසිය විසින් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දැරියගේ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට යාපනය වැඩබලන මහෙස්ත්‍රාත් කේ.අරියනායගම් මහතා කෝපායි පොලීසියට නියෝග කළේය.
පහර කෑමට ලක් වූ දැරියත් පහර දුන් ඇගේ මව සහ පියා අද යාපනය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත් වරයා කියා සිටියේ දැරිය පහර කෑමකට ලක් වී ඇති බැවින් ඇගේ ශරීරයේ ඇති වී තිබෙන වෙනස්කම්, කැළැල් මෙන්ම මානසිකත්වය සලකා බලා තීන්දුවක් ලබා දීමට පෙර දැරිය අධිකරණ වෛද්‍යවරයාට යොමු කොට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි. දැරියගේ මවගෙන් හා පියාගෙන් වැඩිදුර ප්‍රශ්න කරන ලෙස ද කෝපායි පොලීසියට නියෝග කැරිණි.
මේ වන විට දැරිය කෝපායි පොලිස් රැකවරණ යටතේ පසුවෙයි.
මෙම දැරියට පහර දෙනුයේ කුඩම්මා බවට පළවූ වාර්තාව වැරදි බව කෝපායි පොලිසිය කියයි. දැරියගේ මව ඇයට පහර දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ද තහවුරු කරයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පහර කෑ දැරියගේ වෛද්‍ය වාර්තාවක් ඉල්ලයි
ටෙනිසන් Sunday, 25 September 2016 02:36 AM
මේ කුඩා දරුවාගේ සාක්ෂියම ප්‍රමාණවත් නොවේද? (නි)
පද්මිණි දේවිකා Saturday, 24 September 2016 04:42 AM
දැරියගේ පමණක් නොවේ, මවගේ මානසික තත්වයත් පරික්ෂා කරන්න. මිහිපිට අපායක මේ දරුවෝ ඉන්නේ. (නි)