වත්මන් රජයෙන් අහෝසි කරන ලද තේ සහ කුඹුරු පොහොර සහනාධාරය ඒ ආකාරයෙන්ම නැවත තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා පිටිගල නගරයේදී ගොවීන් පිරිසක් අද (13) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ.
පැයදෙකක පමණ කාලයක් තේ ගස් ,වී පඳුරු, රබර් රොටි ,ප්‍රදර්ශනය කරමින් පිටිගල බස් නැවතුම් පොළ ඉදිරියේ පැවතී මෙම උද්ඝෝෂණයට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ද සිල්වා,දකුණු පළාත් සභා නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල,දකුණු පළාත් සභා මන්ත්‍රී දුල්ශාන් කාරිය වසම්,හිටපු ප්‍රාදේශීය සභා නියෝජිතයන් වන උදේනි අතුකෝරල,කේ.ශාන්ත තිලක ,චරිත් අසේල,නලින් ප්‍රියදර්ශන ,කරුණාසේන පොන්නම්පෙරුම ඇතුළු කුඹුරු හා තේ ඉඩම් හිමියෝ විශාල පිරිසක් සහභාගී
වුහ.
2025 දෙසැම්බර් මස 18
652
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
317
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1106
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොහොර ඉල්ලා ගොවීහු අදත් මහ පාරේ
පිටබැද්දර ජයා Sunday, 13 March 2016 09:36 AM
උතුම් බුදු දහමත් එක්ක ගසට පොත්ත වගේ බද්ධ වුන සිංහලයෝ , මෑත කාලයේ අපේ යතිවරයාණන් වහන්සේ නමකට අවසන් ගෞරවය පුද කරන්න රාජ්‍ය ශෝක දිනයක් කරලා තියෙද්දිත් මේ කරන උද්ඝෝෂන වලින් සිංහල බෞද්ධ කමට සිදුවෙන කැළල නම් අති විශාලයි , අති සෝචනීයයි , නින්දිතයි (බ)
සෞදි සරත් Sunday, 13 March 2016 09:52 AM
හොදයි නේද දැන්, මොනවා කරන්නද ගිය හකුරට නාඩන්නේ තියන හකුර රැක ගමු (බ)
ඉනෝකා ප්‍රියංගනී Sunday, 13 March 2016 09:57 AM
ගොවිතැනින් ජිවත්වන කළුතර පළාතේ අපේ දෙමව්පියෝ හොඳටම හෙම්බත්වෙලා ඉන්නේ. මහපොළත් නැත්නම් අපි හාමතේ. පාලකයින්ට ගානක්වත් නැහැ. (බ)
මහින්ද සෞදි Sunday, 13 March 2016 11:05 AM
කුඩා තේ වතු හිමියනට දළු කඩන මුදලුයි පොහොරවලටයි ගියහම ඉතුරු ගස් ටික විතරයි. (බ)
ආර්. වික්‍රම Monday, 14 March 2016 01:48 AM
පිටබැද්දර ජයා, අර දිනේ මේ දිනේ කියලා මිනිසුන්ට බඩගිනි එන්නේ නැද්ද? ඒ මිනිස්සු කෑ ගහන්නේ තමුන් කන්න හොයාගන්න රස්සාව වෙනුවෙන්! (නි)
සුමිත්‍රා බස්නායක Sunday, 13 March 2016 02:49 PM
ඉනෝකා, පාලකයන්ට මොන ගාණක්ද......දෙන්න දෙපැත්තේ ඉදගන සංදර්ශන පවත්වනවා. එක, එක දවසට අපුරු වචන දාල මිනිස්සු අන්දනවා. පෝර ඕන වෙන්නේ ගොවි ජනතාවටනේ. ප්‍රධාන පුරවැසියෝ ඕවට නැහැ. ඒ උත්තමයෝ සරලව ජීවත්වෙන උදවිය (බ)
ලලිතා ජයවර්ධන Sunday, 13 March 2016 03:17 PM
සුමිත්‍රා සහතික ඇත්ත! ඉනෝකා දුවේ. මහන්සිවෙලා ඉගෙන ගන්න. වෙන කරන්න දෙයක් නැහැ. මේ ලෝකෙම නැතිව ඇති ලංකාවේ තරම් මිනිස්සු රවට්ටන මෙහෙම දේශපාලකයෝ ජාතියක්. (බ)
සපරමාදු- රත්තොට Sunday, 13 March 2016 04:09 PM
ජයා. මිනිසුන්ගේ දුක් කන්ද එක්ක විහිළු කරන්න තරම් නරුම වෙන්න එපා. මේ අහිංසක මිනිස්සු රට වටේම විනෝදෙට පාරට බැස්ස අය නෙමෙයි. මහපොළොවේ ඇත්ත ප්‍රශ්නයක් තියෙන බව පෙන්නේ නැත්තේ දාල ඉන්න පාට කන්නාඩිය සැර වැඩි හින්දද? (බ)