IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘පහරදීම හරියි කියන පොලිසියෙන්මද වාර්තා ඉල්ලන්නේ?‘

‘එච්එන්ඩීඒ සිසු විරෝධතාවට පහර දීම ගැන අගමැති නීතිය හා සාමය ඇමැතිගෙන් වාර්තාවක් ඉල්ලුවා. ඇමැති පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලුවා. වාර්තාව ඉල්ලා සුළු වේලාවක් යද්දි පොලිසියේ වග කිව යුතු නිලධාරීන් පස් දෙනෙකු මාධ්‍ය සාකච්ඡාවක් තියලා පහර දීම සාධාරණීකරණය කරන්න උත්සාහ කළා. එහෙනම් වාර්තාව ඉල්ලලා තියෙන්නේ මේක සාධාරණීකරණය කරන පිරිසකගෙන්ද?‘ යැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

එන්එන්ඩීඒ සිසුන්ට පහර දීමට එරෙහිව මරදාන සීඑස්ආර්හිදී පැවැති මාධ්‍ය සාකච්ඡාවට ශිෂ්‍ය සංවිධාන, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.

එහි දී අදහස් දැක්වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසුවේ උද්ඝෝෂණය විසිරැවූ ආකාරය ගැන රූපවාහිනී නාලිකාවල විකාශ වූ වීඩියෝ දර්ශන දුටුවා නම් වාර්තාවක් සකසා ගත හැකි බවයි. 



අදහස් (0)

‘පහරදීම හරියි කියන පොලිසියෙන්මද වාර්තා ඉල්ලන්නේ?‘

ඈෂ්ලි Saturday, 31 October 2015 02:33 PM

ජනතාව ආණ්ඩු පත්කරනවා , ආණ්ඩු පොලිසිය පත්කරනවා , ජනතාව බදුත් ගෙවනවා , පොලිසියට ඒක නිසා පඩි ලැබෙනවා , පොලිසිය ජනතාවට පහරදෙනවා , මේක චක්‍රයක් , මෙයින් මිදෙමු (බ)

:       0       0

ටෙෂාන් Saturday, 31 October 2015 04:01 PM

අද පොලිසියේ තත්ත්වය කුමක්ද? (නි)

:       0       0

රොහාන් දයාදර Saturday, 31 October 2015 04:33 PM

පුජිත් ජයසුන්දර කියන්නේ තවත් අනුර සේනානායක කෙනෙක් විතරයි ,,,....(රේ)

:       0       0

සුනිල් Saturday, 31 October 2015 05:21 PM

මේ නිර්මාල් උන්නැහේ ඔබලා පස්ස දොරෙන් ගිහිල්ල අනුශාසනා,උපදෙස් දෙන්නේ ,ගන්නේ කොහෙන්ද කියලා රටම දන්නවා.නමුත් අනුන් වෙනුවෙන් බොහෝ කැප කිරීම් කල වික්‍රමබාහු සහෝදරයා ට වඩා ඔබ තවම පිටුපසින් ඉන්නේ. ඔබලා තවම ආත්මාර්තකාමීයි .....(රේ)

:       0       0

යෝනක Saturday, 31 October 2015 09:59 PM

මෙතුමාගේ කතාව මමත් පිළිගන්නවා (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Sunday, 01 November 2015 01:30 AM

මේ ගැටුම නිමාවක් නොදකින සමාජ සහ ඓතිහාසික සංසිද්ධියක්. කම්කරු පෙළපාලි, ශිෂ්‍ය විරෝධතා රැළි මර්දනය කිරීමට (අවම යනු මුසාවක්) උපරිම බලය යෙදීමේ අවසාන ප්‍රතිඵලය වුයේ පීඩනයට පත් වූ කොටස් පොලිසිය සමඟ සදාතනික වෛරයක් බැඳගැනීමයි. දෙපිරිස තුළම එකිනෙකා පිළිබඳව කාවැදුන විරෝධී මෙන්ම වෛරී ආකල්ප වලින් උපරිම ප්‍රයෝජනය ගත්තේ මේ ගැටුම්කාරී දෙපිරිසේම ඡන්දයෙන් පත්වූ සමහර දේශපාලඥයිනුයි. (නි)

:       0       0

යසිරු Sunday, 01 November 2015 03:13 AM

මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ(නි)

:       0       0

ගාමිණී Sunday, 01 November 2015 04:05 AM

කරපු වරදට ගහපුු එක හරි මුන්‍ දිය ඇලිවල ගිහින්‍ ඇඳුම් නැතිව නානවා එ්වා හොදයි (බ)

:       0       0

රන්ජිත් Sunday, 01 November 2015 04:59 AM

ස්ටාලින් මහත්තයා කියන එකත් හරි තමයි (නි)

:       0       0

කසුන් Sunday, 01 November 2015 05:14 AM

පොලිසිය හරිද වැරදිද කියලා මටත් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

සුසන්ත Sunday, 01 November 2015 05:12 AM

මොනවා කළත් අන්තිමට පොලිසිය තමා වැරදි. පොලිසියෙ උදවියට වෘත්තීය සමිති එහෙම නැති නිසා හොඳයි. පොලිසියත් වැඩ කරන්නෙ නැතුව පාරට බැස්සොත් කොහොමට තියේවිද?? (නි)

:       0       0

ගමගේ Sunday, 01 November 2015 06:06 AM

කෝ අර සෝබිත හාමුදුරුවෝ කොහෙද දැන්? (බ)

:       0       0

උපාලි Sunday, 01 November 2015 06:47 AM

මේ දරුවන් අපේ රටේ අනාගතයයි. ඔවුන් මේ අමානුෂික ලෙස පහර දෙනුයේ මේ රටේ පොලිසියි. අපි මෙය තරයේ හෙලාදකිමු. අද අපි දකිනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා නීති පොත් පෙරලමින්, නීතියේ සිදුරු සොයමින් මේ ම්ලේච්ඡ ප්‍රහාරය සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. මේ ප්‍රහාරය නීතියේ සිදුරුවලින් රිංගා ගියත් ජනතා අධිකරණයේදී මේ මෙම නීච ප්‍රහාරයට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන් වැරදි කරුවන් වී හමාරයි. අපි ඔබෙන් කාරුණිකව ආයාචනා කරනුයේ අනාගතයේදී මෙවන් වරදක් නොවන්නට අප දිනාගත් වෙනස සහ නිදහස රකින්නට මේ මෙලෙච්ච ප්‍රහාරය පිටිපස සිටින සියලු දෙනා හට දඩුවම් කරන මෙනි. (බ)

:       0       0

නලින් Sunday, 01 November 2015 09:07 AM

රස්සාවට ගියත් ඔය ටිකම තමයි. කාර්යාලයේ කිසිම වැඩක් කරන්නේ නැතිව කළු ඇඳන් පඩි සහ උසස් වීම් ඉල්ලා උද්ගෝෂණ කරාවි. (බ)

:       0       0

බෙනට් Sunday, 01 November 2015 09:40 AM

සුසන්ත එතකොට අපි අලුත් පොලිසියක් හදමු ..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site